උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට රැකියාගත වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙලක්…
අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීමෙන් 2017 වසරේ සිට ක්‍රියාවට නැංවෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට සිය රැකියාගත වෘත්තීය පුහුණුව ලබාදිමට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික පුහුණු ආයතන රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්බන්ධ ව සිටියි.
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ද මෙම වැඩසටහන යටතේ උසස් පෙළ හදාරන සිසුන් වෙත NVQ 04 මට්ටමේ වෘත්තීය පුහුණුව ලබාදීමට එකඟතාවය පළකර ඇති අතර ඊට අදාළ සහයෝගීතාව තහවුරු කිරීමේ අවබෝධතා ගිවිසුම පසුගිය දා (2019-08-01) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන ලේකම් එම්.එන් රණසිංහ මහතා සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති දිලිප් ද සිල්වා මහතා විසින් අත්සන් කෙරිණි.
ඉදිරියේ දී ජාතික ශිල්ප සභාව, ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය ද වෘත්තීය පුහුණුව ලබාදීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට නියමිතයි.
මේ වනවිට එම ආයතන තුළ 2018 වසරේ වෘත්තීය විෂයධාරාව පුහුණුවට එක්වූවන්ට රැකියාගත පුහුණුව ලබාදෙමින් පවතියි.
උපුටා ගැනීම : අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)