කොතලාවල ආරක්ෂක සරසවියේ ශ්‍රවණාගාරය සිසු අයිතියට…

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශ්‍රවණාගාරය නාවික හමුදාපති අතින් සිසු අයිතියට පත් කෙරේ.
රුපියල් මිලියන 46ක වියදමින් ඉදි කෙරුණු ශ්‍රිමත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ ශ්‍රවණාගාරය නාවික හමුදාපති වයිස් අද්මිරාල් කේ.කේ.වී.පී.එම්. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (04) සිසු අයිතියට පත් කෙරිණි.
සුරියවැව ඉදිකර ඇති මේ විශ්වවිද්‍යාලය අක්කර 140ක භූමි භාගයකින් සමන්විතය.මේ වන විට මෙහි සිසු සිසුවියන් 500 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර 50 දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක්ද සිටී. මේ විශ්ව විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති අංග සම්පුර්ණ ශ්‍රවණාගාරයක් ඉදිකිරීමේ කටයුතු 2015 වසරේදී ආරම්භ වු අතර එය ඉකුත් 4වැනිදා නාවික හමුදාපතිවරයා අතින් සිසු අයිතියට පත් කෙරුණි.
මේ ශ්‍රවණාගාරය සියලු පහසුකම්වලින් සමන්විත වන අතර වර්ග අඩි 7045ක භූමි ප්‍රමාණයක මෙය ඉදිකර තිබේ.පුද්ගලයන් 220 දෙනෙකුට අසුන් ගැනීමේ හැකියාව ඇති මේ ශ්‍රවණාගාරය වායුසමනය කර ඇති අතර නවතම ශබ්දවාහිනී හා ආලෝකකරණ පද්ධතියකින්ද සමන්විතය.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපාධිපති බ්‍රිගේඩියර් අදීප තිලකරත්න ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)