ලොව විශාලතම ගිරා පොසිලය නවසීලන්තයෙන් සොයා ගැනේ…

ලොව විශාලතම ගිරා පොසිලය නවසීලන්තයේ ඔටාගෝ ප්‍රාන්තයෙන් හමුවී තිබේ.
මීට වසර මිලියන 19කට වඩා පැරණි බව පොසිල විද්‍යාඥයින් මේ පිළිබඳ අධ්‍යයනය කර සදහන් කර ඇත.
මෙම ගිරවා අඩි 3ක් පමණ උස, රාත්තල් 15යි දශම 5ක් පමණ බර පක්ෂියෙකු ද බව වාර්තා වේ. විශාල හොටය යොදා ගනිමින් ආහාර ගත් බව ද අධ්‍යයනයන් තුළින් හෙළිවී තිබේ. ඔටාගෝ ප්‍රදේශය මයෝසීන අවදියේ පක්ෂි පොසිල හමුවූ ප්‍රදේශයක් බවද විද්‍යාඥයින් පවසයි.
ජීව විද්‍යා ලිපි පළවන සඟරාවක් ඔස්සේ මෙම පක්ෂියා පිළිබඳ අධ්‍යයනය පසුගිය අඟහරුවාදා වාර්තා කර ඇත.
එහි අධ්‍යයන කතුවරයා සහ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ට්‍රෙවර් වර්ති පවසා ඇත්තේ “නවසීලන්තය යෝධ පක්ෂීන් සඳහා ප්‍රසිද්ධයි” යනුවෙනි.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)