ජර්මනියේ සිසිලන කුළුණක් පුපුරවා හරී…

ජර්මනියේ මුල්හයිම් නගරයේ පිහිටා තිබූ න්‍යෂ්ටික බලාගාරයකට අයත් සිසිලන කුළුණක් පුපුරවාහැර ඇත.
එම කුළුණ වසර 30කටත් වැඩි කාලයක සිට භාවිතයට නොගන්නා බව විදෙස් වාර්තාවල දැක්වෙයි.
මුල්හයිම් නගරයේ පිහිටා තිබූ න්‍යෂ්ටික බලාගාරය 1988 වර්ෂයේදී වසා දැමීමට බලධාරීන් පියවර ගත්තේය.
ඒ වන විට එය භාවිත කර තිබුණේ මාස 13ක් වැනි කෙටි කාලයක් පමණයි.
කෙසේ නමුත් එය 2001 වර්ෂය දක්වා ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ පැවතුණු අතර 2004 වර්ෂයේදී එය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කර ඇත.
මේ අතර වර්ෂ 30කට අධික කාලයක් භාවිතයට නොගැණුනු න්‍යෂ්ටික බලාගාරයේ සිසිලන කුළුණ පුපුරවාහැරීමට එරට බලධාරීන් තීරණය කළේය.
මෙම සිසිලන කුළුණ පුපුරවාහැරීමත් සමග ජර්මනියේ න්‍යෂ්ටික බලශක්ති යුගය අවසන් වනු ඇති බව ඇතැම් පිරිස් පවසයි.
යුරෝපා සංගමයට අයත් රටවල් අතරින් විශාලතම විදුලිබල වෙළඳපලට හිමිකම් කියන්නේ ජර්මනියයි.
2022 වර්ෂය වන විට ජර්මනිය මුළුමණින්ම න්‍යෂ්ටික බලාගාර වලින් ඉවත් වීමට අපේක්ෂා කරන අතර ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ අනතුරින් පසුව මතුවූ ආරක්ෂක හේතූන් මත ඔවුන් එම තීරණයට එළඹ ඇති බවත් සඳහන්.
උපුටා ගැනීම : අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)