අමුතු පෙරහැර…

අකුරැස්ස, අතුරලිය යහමුල්ල ඓතිහාසික ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථාන ගම්භාර දේවාලයේ වාර්ෂික ඇසල මහා පෙරහැර ඊයේ (14) දින වීථිසංචාර කෙරින.යහමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති වැලිගම් කෝරලයේ උතුර අධිකරණ සංඝ නායක, සම්මානනීය පරිවේනාධිපති, මුළු දිවයිනටම සාම විනිසුරු, ශාස්ත්‍රපති පූජ්‍ය යහමුල්ලේ අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි පවත්වන ලද මෙම පෙරහැර සදහා විශේෂාංග 23ක් ඇතුලත්ව තිබුනි.
බටුගොඩ මං සන්ධියෙන් ගමන් ආරම්භ කර යහමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය දක්වා කිලෝමිටර් පහක පමණ දුරක් සහිත වූ පෙරහැරේ මඩ භාවිතා කරමින් ප්‍රදර්ශනය කළ නිෂ්චල චරිත නිරූපනයන් නරඹන්නන්ගේ විශේෂ අවධානයට ලක්වුවකි.
කුමාරදාස රජ සමය දක්වා ඉතා දිගු ඉතිහාසයක් සහිත මෙම ගම්භාර දේවාලය කාලයත් සමඟ වල් බිහිවී ගොස් තිබියදී 1865 දකුණට වැඩම කරන ලද පූජ්‍ය බටඅත ගුණරතන හිමියන් විසින් දේවාලයේ කටයුතු නැවත ආරම්භ කරවන ලද බවට ඉතිහාසයේ සදහන්ව ඇත.
උපුටා ගැනීම : අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)