ශ්‍රී ලංකාව අංක 1ට පැමිණෙයි…
නවසීලන්තය කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් තරඟය කඩුලු 6 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ගාලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී සමත් විය. ඒ අනුව තරග දෙකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.
ඊයේ (18) දිනට තරගය ආරම්භ කරන විට ලකුණු 268ක ඉලක්කය හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 133ක් රැස් කර ගෙන සිටියේය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න පලමු කඩුල්ලට ලකුණු 161ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැගූ අතර අද උදෑසන ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලහිරු තිරිමාන්න ලකුණු 64කට දවා ගැනීමට විලියම් සමර්විල් සමත් වුණි.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ගොඩනැගු ලකුණු 161ක සබඳතාවය වාර්තා අතරට එක් වුණේ 1992 වසරෙන් පසුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරග වලදී පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ ඉහලම ලකුණු සබඳතාව ලෙසයි. අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ට පිටියේ සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් අජාස් පටෙල් ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දවා ගත්තේය. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් දිමුත් කරුණාරත්න අද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වන ශතකය වාර්තා කිරීමට සමත් වු අතර දිමුත් කරුණාරත්න නවසීලන්තයට එරෙහිව වාර්තා කළ දෙවන ටෙස්ට් ශතකය මෙයයි.
එමෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දිමුත් කරුණාරත්න වාර්තා කළ 3 වන ටෙස්ට් ශතකය ලෙස ද මෙය සටහන් වුණි. දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස දැවී යද්දී ලකුණු 122ක් රැස් කර ගෙන සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කින් නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගය ජය ගැනිමට අද සමත් වුණි. ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකදී සිව්වන ඉනිමේ වැඩිම ලකුනු සංඛ්‍යාවක් හඹාගොස් ජය ගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක් වුණි. එම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලි ලකුණු සටහනේ ලකුණු 60 ලබාගනිමින් ප්‍රථම ස්ථානයට පත්වෙයි.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)