වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ගොඩනැඟිල්ලක් ජනපති විවෘත කරයි…

කොළඹ 08, කොටාපාර, රොඞ්නි වීදියේ ස්ථාපිත කෙරුණු වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නව අධ්‍යයන කේන්ද්‍ර ගොඩනැඟිල්ල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් 21 පෙරවරුවේ විවෘත කෙරිණි.
වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල හමුදා සහ පෞද්ගලික අංශයේ සේවයේ නිරත වෛද්‍යවරුන්ට විශේෂඥ පුහුණුව ලබා දෙන මෙරට ඇති එකම විධිමත් ආයතනය වේ.
විදෙස් පුහුණුවීම් මත නොරැඳී මෙරටට අනන්‍ය වූ විශේෂඥ පුහුණු වැඩසටහන් ඉහළ නැංවීමේ අරමුණින් 1980දී මෙම ආයතනය ආරම්භ කරන ලද අතර, දැනට ශ්‍රී ලංකාවේ සේවයේ නිරත සියලු විශේෂඥ වෛද්‍යවරු මෙම ආයතනය හා සම්බන්ධව සිටිති.
යතනයේ පහසුකම් සංවර්ධනය සඳහා රජය රුපියල් බිලියන 2.5ක් වෙන් කර තිබෙන අතර, මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 1.6කි.
සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
අමාත්‍ය රවුෆ් හකීම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහොන් ද සිල්වා, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න, පශ්චාත් උපාධි වෛද්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මාහාචාර්ය ජානක ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)