තැපෑල අලුත් වෙයි: වෙනස්කම් රැසක් එක්ක සේවාලාභීන්ට නවීන සේවා…

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නවීන තාක්ෂණයට අනුගත වෙමින් වෙනස්කම් රැසක් සමඟ සිය සේවා ලාභීන්ට නවීන සේවා රැසක් ලබාදීමට පියවර ගෙන තිබේ.
දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 653ක් හා උප තැපැල් කාර්යාල 3410ක් හරහා මේ වන විට නවීන තාක්ෂණයට අනුගත වෙමින් මේ සියලු පහසුකම් ලබා ගැනීමේ හැකියාව ජනතාවට ලබා දී තිබේ.
නවීන තාක්ෂණය හා එක්වෙමින් සියලු තැපැල් කාර්යාල ජාලගත කර තිබේ. මේ වන විට සියලුම ආකාරයේ බිල්පත් ගෙවීම් පහසුකම් පාරිභෝගිකයාට ලබාදී තිබේ. ඒ අනුව සෑම තැපැල් කාර්යාලයක් හරහාම විදුලිය, ජල, රක්ෂණ, දුරකථන ආදී සෑම බිල්පතක්ම ගෙවීමේ හැකියාව ලබා දී තිබේ. මීට අමතරව පාරිභෝගිකයාට පහසුවක් වෙමින් නිවසට පැමිණෙන තැපැල් බෙදාහරින තැපැල් මහතා හරහාද තම බිල් පත් ගෙවීම ඉතිරි කිරීමේ බැංකු පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.
දේශීය හා ජාත්‍යන්තර පෞද්ගලික ලිපි ගනුදෙනුව අඩු වුවද වාණිජමය වශයෙන් හුවමාරු වන දුරකථන, රක්ෂණ වැනි ව්‍යාපාරික ලිපිවල වර්ධනයක් සිදුව ඇත. මීට අමතරව දවසකට මිලියන 1.3ක තැපැල් භාණ්ඩ හුවමාරුවක් සිදුවේ.
අද වන විට රුපියල් මිලියන 120කට වැඩි විදුලි බිල් ප්‍රමාණයක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් දිනකට එකතු කරනු ලබයි. ඒ අනෙකුත් බිල්පත්වලට අමතරවය.
ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව හරහා බර කිලෝ ග්‍රෑම් 10 දක්වා වන ලිපි තැපැල් භාණ්ඩ අවශ්‍ය ලිපින වෙත පැය 24ක් ඇතුළත කඩිනමින් බෙදා හැරීමේ සේවාවක් ක්‍රියාත්මක කරන අතර ලොජි පෝස්ට් සේවාව හර කිලෝ 10ට වැඩි බර තැපැල් භාණ්ඩ බෙදා හැරීමේ අවස්ථාව ලබා දී තිබේ.
ජාත්‍යන්තර අධිවේගී කූරියර් සේවාව හරහා කිලෝ ග්‍රෑම් 30ක් දක්වා වන ලිපි තැපැල් භාණ්ඩ හුවමාරුව රටවල් 52ක් සමඟ ගනුදෙනු කිරීමේ සේවාවද ක්‍රියාත්මකයි.මීට අමතරව ව්‍යාපාරික තැපැල් සේවාව, තොග තැපැල් සේවාව, ප්‍රචාරක තැපැල් සේවාව හා ඔන් ලයින් මගින් භාණ්ඩ ඇණවුම් භාර ගෙන බෙදා හැරීමේ සේවාවද ක්‍රියාත්මක කර තිබේ.
එසේම ක්ෂණික තැපැල් විද්‍යුත් මුදල් හුවමාරුව ඔස්සේ තප්පර කිහිපයකින් ක්ෂණිකව මුදල් හුවමාරු කිරීමේ පහසුකම තැපැල් කාර්යාල ඔස්සේ ලබාදී තිබේ. ජාත්‍යන්තර තැපැල් සේවාව සඳහා කොළඹ මධ්‍යම තැපැල් සේවාව රජයේ නිවාඩු දින හැර පැය 24 පුරාම විවෘතව පවතී. එසේම ඊ චැනලින් සේවාව හරහා විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවය තැපැල් කාර්යාල හරහා ලබා ගැනීමේ පහසුකම්ද ලබා දී තිබේ.
වේගවත් තැපැල් හුවමාරුවක් සඳහා වෑන් රථ 161ක්, තැපැල් බස් රථ සහ රාත්‍රී තැපැල් දුම්රිය යොදා ගන්නා අතර ස්ථිර සේවකයන් 22000ක් ඇතුළු සියලුම සේවකයන් 26000ක පමණ පිරිසක් ජනතාවට සේවා ලබාදීමට කටයුතු කරයි. දිනපතා තැපැල් බෙදා හැරීමේ කටයුතු සඳහා තැපැල් බෙදාදීමට නිවෙස් කරා යන තැපැල් මහත්තුරු 8000ක් පමණ යොදවා තිබේ.
වේගවත්ව කූරියර් සේවාව මගින් ලිපි බෙදා හැරීමේදී කොළඹ ප්‍රදේශයට රුපියල් පනහක්ද, කොළඹින් බැහැර ප්‍රදේශවලට රුපියල් හැට පහක මුදලක්ද අය කරන අතර එයට ලියාපදිංචි තැපෑලට ලබා දෙන වටිනාකමම ලබාදී තිබේ.
මේ වන විට සියලුම තැපැල් කාර්යාලවලට ආදායම් ඉපයීමේ ඉලක්ක ලබාදී ඇති අතර ඒවා අධීක්ෂණය කෙරෙන අතර ජාල ගතවීම සිදුකර ඇති හෙයින් ඉතා පහසුවෙන් ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමටද හැකියාව ලැබී තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුව හරහා විභාග සහතික පත්‍ර වැනි සහතික පත්‍රද අයැදුම් කිරීමේ පහසුකම මේ වන විට සියලුම තැපැල් කාර්යාලවලට ලබා දී තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුව හරහා මත්පෙති මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීමට ගුවන්තොටුපොළේ සිදුකරන පරීක්ෂාවට අමතරව මධ්‍යම තැපැල් හුවමාරුවේදී සියලුම තැපැල් භාණ්ඩ ස්කෑන් පරීක්ෂාවකට ලක් කරයි.
තවද පුද්ගල කාරක මුද්දර නිකුත් කිරීමේ පහසුකම ජනතාවට ලබා දී තිබේ. එනම් යම් පුද්ගලයෙකුගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක තමාගේ රුව සහිත මුද්දරයක් මුද්දර කාර්යංශය හරහා නිකුත් කිරීමේ පහසුකම ලබාදී තිබේ.
එසේම තැපැල් නිවාඩු නිකේතන, ශ්‍රවණාගාර පහසුකම්, ඊ ටෙලි මේල් සේවාවද තැපැල් කාර්යාල හරහා ලබා ගැනීමේ පහසුකම ජනතාවට උදා කර දී තිබේ. තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු තනතුරු දහසක් පමණද තැපැල් බෙදා හරින්නන්ගේ පුරප්පාඩුද පැවතියත් ජනතාවට වඩා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට සියලු පියවර ගෙන තිබේ.
තැපැල් බෙදා හරින මහතුන් සඳහා පරිසර හිතකාමී විදුලි යතුරු පැදියක් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කොට තිබේ. එසේම තැපැල් කාර්යාල නවීකරණය කිරීම සඳහා වර්ණ රටාවක් එක හා සමාන නාම පුවරුවක්ද හඳුන්වා දී තිබේ.
එසේම තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් ලාංඡනය වෙනස් කිරීමට ඉදිරියේදී කටයුතු කෙරෙන අතර මේ නව තැපැල් ලාංඡනය නිර්මාණය කිරීමට කැමැති නිර්මාණකරුවන්ට තැපැල් දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ තම නිර්මාණ ඉදිරිපත් කිරීමටද හැකියාව උදාවී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තැපැල් දෙපාර්තමේන්තුව මගින් රුපියල් තුන් ලක්ෂ පනස් දහසක මුද්දර පහසුකම් ලබාදී ඇති අතර විභාග ගාස්තු අය කිරීම, ඉතිරි කිරීම් තැන්පත්, බිල්පත් ගෙවීම් අන්තර් ජාල කාඩ් පත්, ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් තැන්පතු, මුදල් ප්‍රේෂණ, සමාජ ආරක්ෂණ තැන්පතු, විශ්‍රාම වැටුප් ගෙවීම යනාදී සේවාද සිදු කරයි.
සාමාන්‍ය ලිපි තැපෑල, සාමාන්‍ය පාර්සල් තැපෑල, ලියාපදිංචි ලිපි තැපෑල, වටිනාකම ගෙවා භාරගන්නා පාර්සල් තැපෑල(VPP), තැපැල් පත් , විදේශ ලිපි තැපෑල, තැපැල් හැඳුනුම්පත් සේවය, තැපැල් මළු, තැපැල් පෙට්ටි, මුදල් ඇණවුම් සේවය යනාදී සියලුම සම්ප්‍රදායික සේවාවන්ද අඛණ්ඩව සැපයීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මේ තොරතුරු හෙළි වූයේ ඊයේ (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය. මේ මාධ්‍ය හමුවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, තැපැල් පති රංජිත් ආරියරත්න, නියෝජ්‍ය තැපැල්පතිවරුන් වන රාජිත රණසිංහ, විජිත හුලංගමුව, ධම්මික ඒකනායක මහත්වරුද එක්වූහ.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)