ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් ජාතික ශූරතාවලිය හෙට සිට කුරුණෑගල දී…

අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය හා ඒකාබද්ධව නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් සංවිධාන කරන 28 වැනි ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් ජාතික ශූරතාවලිය හෙට (1) සිට 3 වැනිදා දක්වා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ වනවිට මධ්‍යස්ථාන 15කදී ප්‍රථම අදියරේ තරග පවත්වා අවසන් අදියරේ තරග සඳහා කණ්ඩායම් 460ක් සුදුසුකම් ලබාසිටී. ඒ අනුව ‘ඒ’ කණ්ඩායෙන් පාසල් 370ක් ද ‘බී’ කණ්ඩයෙන් පාසල් 90ක් තරග වැදීමට නියමිතය.
‘ඒ’ කාණ්ඩය යටතේ අවුරුදු 13, 15, 17 සහ 19න් පහළ ලෙස වයස් කාණ්ඩ 4කින් තරග පැවැත්වෙන අතර අවුරුදු 15, 17 සහ 19න් පහළ ලෙස ‘බී’ කාණ්ඩයේ තරග පැවැත්වේ.
තරගාවලියේ මූලික වටයට පාසල් 550ක් සහභාගි වු අතර ඒ අනුව එම වටයේදී මධ්‍යස්ථාන 15කදී ක්‍රීඩිකාවෝ 9369ක් සහභාගි වූහ. අවසන් අදියරේ තරග සඳහා ක්‍රීඩිකාවෝ 5500ක් සහභාගි වෙති.
තරගාවලියට එක්වන ක්‍රීඩිකාවන් සඳහා සර් ජෝන් කොතලාවල විදුහල, ලක්දාස් මහ විදුහල සහ කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විදුහලේ නේවාසික පහසුකම් සපයා තිබේ.
තරගාවලියේ නියමුවානන් ලෙස අධ්‍යාපන ඇමැතිවරයගේ විශේෂ උපදේශක හිටපු ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයවීර මහතා සහ හිටපු ක්‍රීඩා අධ්‍යක්‍ෂිකා වන ඔලිවියා මාලනි ගමගේ මහත්මිය තරගාවලියේ සාර්ථකත්වයට විශාල දායකත්වයක් සැපයීය.
තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සහභාගිවීමට නියමිතය.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)