අද සිට අමරපුර හා රාමඤ්ඤ නිකායන් ඒකබද්ධ වෙයි…
මෙරට ශාසන ඉතිහාසයට නව පරිච්ඡ්දයක් එක් කරමින් ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කිරීමේ ගිවිසුමට අද අත්සන් තැබීමට නියමිත ය.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර නා හිමියන් සඳහන් කළේ, ඒ සඳහා වන සම්මුතියකට අද පස්වරු 2.30 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේදී අතසන් තබන බවයි.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් එම සම්මුතියට අත්සන් තැබීම සිදු කෙරෙන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
එම සම්මුතිය අත්සන් තැබීමෙන් පසු මෙම නිකායන් ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග‍්‍රී මහා සංඝ සභාව ලෙස හඳුන්වන බව පල්ලෙකන්දේ රතනසාර නා හිමියෝ ප්‍රකාශ කළහ.
1803 වසරේ බුරුමයේ අමරපුර දේශයෙන් උපසම්පදාව ලබා ගත් , පූජ්‍ය අඹගස්පිටියේ ඥානවිමලතිස්ස හිමියන්ගේ මූලිකත්වයේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය පිහිටවු අතර 1863 බුරුමයේ රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව ලබා ගත් අඹගහවත්තේ ඉන්දාසභවර ඥානසාමි හිමියන්ගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ කෙරිණ.
උපුටා ගැනීම : News 1st
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)