2020 ටෝකියෝ ඔලිම්පික් තරඟාවලියට සියල්ල සූදානම්…
2020 ටෝකියෝ ඔලිම්පික් තරඟාවලියට සියල්ල සූදානම්
ලොව විශාලතම ක්‍රීඩා සැණකෙළිය ලෙස සැලකෙන ගිම්හාන ඔලිම්පික් උළෙලේ 32 වැනි අදියර එනම්, 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින 4ක් පමණි.
ලොව පුරා පැතිරී ගිය කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ(2020) පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය කල් දැමීමට සිදු වූ අතර ඒ් අනුව තරගාවලිය 2021 ජූලි 23 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සහභාගී වනවා. ඒ් සඳහා ක්‍රීඩකයන් හතර දෙනෙක් සහ ක්‍රීඩිකාවන් පස් දෙනෙකු ඇතුළත් වන අතර ඔලිම්පික් සුදුසුකම් සපුරාලමින් මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට එයින් තිදෙනෙකු සමත් වීම ද විශේෂත්වයක්.
බැඩ්මින්ටන් මූලික වටයේ තරඟ ජූලි 24 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලූක කරුණාරත්න සුදුසුකම් ලබා සිටිනවා. ඒ්වගේම මලල ක්‍රීඩා ඉසව් ජූලි 30 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර යුපුන් අබේකෝන් සහභාගී වන මීටර් 100 මූලික වටයේ තරග ජූලි 31 වැනිදා පැවැත්වීමට නියමිතයි.
2020 ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්
මැතිල්ඩා කාර්ල්සන් (Jumping Individual – අශ්වාරෝහක)
මිල්කා ගෙහානි (Artistic Gymnastics)
යුපුන් අබේකෝන් (100m)
නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන්)
චාමර නුවන් ධර්මවර්ධන (ජුඩෝ ඉසව්වේ කිලෝග්‍රෑම් 73 බර පන්තිය)
නිමාලි ලියනආරච්චි (800m)
ටෙහානි එගොඩවෙල (10m Air Rifle)
මැතිව් අබේසිංහ (100m Free style)
Aniqah Gaffoor (100m Butterfly)
පවතින තත්වය යටතේ ප්‍රේක්ෂකයන් සහභාගී කර ගැනීමකින් තොරව දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයන් අනුගමනය කරමින් මෙම ඔලිම්පික් උළෙල පැවැත්වීමට කටයුතු සූදානම් වෙයි
උපුටා ගැනීම: news.lk වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)