2020 වසරට අදාළ පෙළ පොත් මේ වනවිට සියලු පාසල්වලට බෙදා අවසන් – සිසුන්ට පෙළ පොත් ඌනතා ඇත්නම් වහාම දන්වන්න…
රජයේ සියලු පාසල්වලට 2020 වර්ෂයට අදාළ පෙළ පොත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට බෙදා අවසන් කර ඇති අතර, කොට්ඨාස හා පර්ෂද පාසල්වල පොත් බෙදාදීම ද අවසන් අදියරෙහි පවතියි.
පෙළ පොත් පාසල්වලට ලැබීමෙන් පසු පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව වෙනස්වීම හෝ ඉල්ලුම් කරන ලද සංඛ්‍යාවල සංශෝධන සඳහා අදාළ ඌනතා සම්පූර්ණ කිරීම මේ දිනවල සිදුකෙරෙන අතර, යම් පාසලක ඌනතා පවතී නම් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ බෙදාහැරීම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා (ලාල් චන්ද්‍රසිරි මහතා – 0112785306) අමතන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන්
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)