2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ…
2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022- 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් කර ඇත.
ඒ අනුව සිසුන්ට ලැබී ඇති පාසල් අන්තර් ජාලයේ https://g6application.moe.gov.lk/#/ සබැඳියට පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකි ය.
මෙම කඩඉම් ලකුණු අනුව 2021 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතූන් මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්හට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (Online) ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සලසා දෙනු ලබන අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.
සියලු අභියාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු අතර පැමිණ භාර දෙනු ලබන හෝ වෙනත් අයුරකින් යොමු කෙරෙන අභියාචනා අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙනු ඇත.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)