5 ශිෂ්‍යත්ව විභාගය හෙට…
කොවිඩ් ආසාදිත සිසුන්ට විශේෂ මධ්‍යස්ථාන 108ක්
පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2021) සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව රට පුරා විභාග මධ්‍යස්ථාන 2943කදී හෙට (22) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ විභාගයට පෙනී සිටීමට නියමිත කොවිඩ් ආසාදිත දරු දැරියන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 108ක් අධ්‍යාපන කලාප මට්ටමින් රට පුරා ස්ථාපිත කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
මෙවර විභාගය පැවැත්වෙන්නේ 22 දා සෙනසුරාදා දිනයේ බව මතක තබා ගෙන, නියමිත වේලාවට අදාළ විභාග මධ්‍යස්ථාන වෙත දරුවන් රැගෙන යෑමට කටයුතු කරන ලෙස මව්පියන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
එසේම අනවශ්‍ය පීඩනයකින් තොරව ඉතා සැහැල්ලු මනසින් විභාගයට මුහුණ දී එම කඩඉම ජය ගන්නා ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටින බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා පැයක කාලයකුත්, දෙවැනි ප්‍රශ්න පත්‍රය සඳහා පෙරවරු 11.00 සිට පස්වරු 12.15 දක්වා පැයකුත් විනාඩි 15ක කාලයකුත් දෙන බවත් පැවසීය.
විභාග අපේක්ෂකයන් 255,062ක් සිංහල මාධ්‍යයෙන් ද, 85,446ක් දෙමළ මාධ්‍යයෙන් ද වශයෙන් මුළු අපේක්ෂකයන් 340,508ක් මේ විභාගයට පෙනී සිටීමට නියමිත බව ද ඒ මහතා සඳහන් කළේය.
මේ විභාගය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට හා ප්‍රවාහන අංශයට ස්තූතිවන්ත වන බවත් කීවේය.
විභාග කොමසාරිස් පාලන හා විමර්ශන අමිත් ජයසුන්දර මහතා,
මෙවර විභාගය පැවැත්වෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වය පහව ගොස් නැති තත්ත්වයක නිසා එම රෝගය වැලඳී ඇති දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා. ඒ නිසා කොවිඩ් ආසාදිත දරුවකු සිටිනවා නම්, ඒ දරුවාට නියමිත විශේෂිත මධ්‍යස්ථානය කුමක් ද යන්න විදුහල්පතිවරයා මාර්ගයෙන් දැන ගැනීමට මවුපියන් පියවර ගත යුතුයි. ඒ දරුවන් අදාළ මධ්‍යස්ථානය වෙත ආරක්ෂිතව රැගෙන යෑම කළ යුත්තේත් මව්පියන් විසිනුයි. එයට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ද එම තොරතුරු ගන්න පුළුවන්. දරුවාගේ රෝගයට අදාළව කළ පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා ශාලාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම ද කළ යුතුයි.
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)