උපාධිධාරීන් 5000 කට ගුරු පත්වීම්…

එළඹෙන අගෝස්තු පළමුවැනි දා රජය උපාධිධාරීන් 15,000කට රැකියා ලබාදෙන බවත්, ඔවුන් අතරින් 5,000ක පිරිසක් ගුරුවරුන් ලෙස පාසල් අධ්‍යාපන පද්ධතියට එක්කරගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ප්‍රාථමික ශ්‍රේණි පාසල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීම වෙනුවෙන් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
මෙහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ගතවූ වසර කිහිපය ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි.
ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන මෙන් ම, සුරක්ෂා රක්ෂණ වැඩපිළිවෙළ, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන වැනි මානව සම්පත් සංවර්ධනයට අදාළ ව සුවිශේෂ ක්‍රියාමාර්ග රැසක් හඳුන්වාදෙන ලද බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
තවදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා,
“අපේ රජය බලයට පත්වෙනකොට මේ රටේ පාසල් 10,000න් විදුලිය තිබුණෙ 60%කට විතරයි.
අද වනවිට පාසල්වලින් 98%කට විදුලිය දෙන්න අපට පුළුවන්කම ලැබුණා.
ජංගම විද්‍යාගාර 3,000ක් අපි පාසල්වලට ලබාදුන්නා. පාසල්වලට වැසිකිළි ඒකක 40,000ක් අලුතින් ලබාදුන්නා.
මේ ආදී වශයෙන් විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් අපි ලබාදුන්නා”යැයි ද සඳහන් කළේ ය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)