2019 උ/පෙළ ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන්…

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්ට, එය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ පසුගිය දිනවල පැවති තැපැල් වර්ජනය හේතුවෙන්, ප්‍රවේශ පත්‍ර අයදුම්කරුවන්ට ලැබීමේ යම් ප්‍රමාදයන් සිදු වූ නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බව ය.
ඒ, අනුව 24 දින සිට පෞද්ගලික අයදුම්කරුවන්ට www.doenets.lk වෙබ් අඩවියට පිවිස, තම ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කර විභාග ප්‍රවේශ පත්‍රය ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
උපුටා ගැනීම: www.newsfirst.lk
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)