අගෝ. 1දා රැකියා ලබන උපාධිධාරීන් 15,000න් පන්දහසකට ගුරු වරම්…
උපාධිධාරීන් 15,000කට එළඹෙන අගෝස්තු පළමුවැනි දා රැකියා ලබා දීමට රජය කටයුතු කරන බවත්, එයින් 5,000ක පිරිසක් ගුරුවරුන් ලෙස පාසල් පද්ධතියට බඳවා ගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ප්‍රාථමික ශ්‍රේණි පාසල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ජාතික උත්සවයේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ය.ගතවූ වසර කිහිපය ඇතුළත අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රගතිශීලී ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත්, ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන මෙන් ම, සුරක්ෂා රක්ෂණ වැඩපිළිවෙළ, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන වැනි මානව සම්පත් සංවර්ධනයට අදාළ ව සුවිශේෂ ක්‍රියාමාර්ග රැසක් හඳුන්වාදුන් බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.
තවදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා, බොහෝ දරුවන් පාසලට පැමිණෙන්නේ උදෑසන ආහාර වේල නො ගෙන බවද, විශේෂයෙන් ම දරුවන්ගේ පෝෂණයට මෙය ඉතා බරපතළ ප්‍රශ්නයක් ව පවතින බව ද, අධ්‍යාපන අමාත්‍යාංශය දුෂ්කර පාසල්වල පෝෂණ අවශ්‍යතා සහිත දරුවන්ට නොමිලේ ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇති බව ද පැවසූ ඇමැතිවරයා, ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට දියර කිරි වීදුරුවක් ලබාදීමේ මෙම ජාතික වැඩපිළිවෙළ ඉතා හොඳ ක්‍රියාමාර්ගයක් ලෙස අගය කරන බව ද පැවසීය.
‘අපේ රජය බලයට පත්වන විට මේ රටේ පාසල් 10,000න් විදුලිය තිබුණේ 60%කට විතරයි. අද වනවිට පාසල්වලින් 98%කට විදුලිය ලබා දෙන්න අපට පුළුවන්කම ලැබුණා. ජංගම විද්‍යාගාර 3,000ක් අපි පාසල්වලට ලබා දුන්නා. පාසල්වලට වැසිකිළි ඒකක 40,000ක් අලුතින් ලබා දුන්නා. මේ ආදී වශයෙන් විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් අපි ලබා දුන්නා.’ යනුවෙන් ද ඇමැතිවරයා පැවසීය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)