සරසවිවලට සිසුන් 30830ක් ඉසෙඩ් අගයන් නිකුත් කෙරේ…
2018/ 2019 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් 30830 දෙනකු බඳවා ගැනීමේ ඉසෙඩ් අගයන් නිකුත් කෙරේ. ඉසෙඩ් ලකුණුවලට අනුව ජෛවීය විද්‍යා විෂය යටතේ මෙවර සිසුන් 6992 දෙනකු, භෞතීය විද්‍යා විෂය සඳහා 5684 දෙනකු බඳවා ගැනීමට නියමිතය.
එමෙන්ම වාණිජ්‍ය විෂය සඳහා සිසුන් 6015ක් බඳවා ගැනෙන අතර, කලා විෂය සඳහා සිසුන් 9399ක් මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනේ.
ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා සිසුන් 1361 දෙනකු ද, ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා සිසුන් 994 දෙනකු බඳවා ගැනෙන අතර මේ විෂය ධාරාවන්ට අයත් නොවන විෂයයන් සඳහා සිසුන් 385 දෙනකු මෙවර බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.
මේ අනුව සාමාන්‍ය ප්‍රවේශය යටතේ මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් 30830 දෙනකු බඳවා ගැනීමට නියමිත අතර, පෙර වර්ෂය හා සැසැඳීමේදී අමතර සිසුන් 645 දෙනකු මෙවර බඳවා ගැනීමට නියමිතය.
2018 වර්ෂයේ දී සිසුන් 267,202 දෙනකු උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර, ඉන් 167992 දෙනකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් සපුරා තිබිණි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ www.selection.ugc.lk වෙතින් හෝ 0112695301/ 0112695302/ 0112692357/ 01126975854 දුරකතන අංක ඇමතීමෙන් ඉසෙඩ් අගයන් දැන ගත හැකි අතර, රාජ්‍ය සේවා තොරතුරු කේන්ද්‍රය (1919) ද තොරතුරු දැන ගත හැකිය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)