A/L ප්‍රතිඵල දෙසැම්බර් මාසයේ දී…
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් මාසයේදි නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ දෙසැම්බර්මස අවසන් සතියේදී විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 5 වනදා සිට එම මස 31 වනදා දක්වා පැවැත්වුණු අතර විභාගය සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37, 704 දෙනෙකු පෙනී සිටියේ.
මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාල උපකාරක පන්ති සහ සම්මන්ත්රණ පැවැත්වීම අද (26) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වේ.
ඒ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම හා මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන අතර විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම, ඒවා ළඟතබා ගැනීම ද තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.
අදාල නියෝග කඩ කරන පාර්ශවයන් සම්බන්ධයෙන් 1911 ක්ෂණික දුරකතන ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස ද විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන දෙසැම්බර් මස 2 වනදා සිට 12 වනදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 4987 කදී පැවැත්වීමට නියමිතයි.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)