තාවකාලික, අනියම්, කොන්ත්‍රාත් සේවකයින්ට ස්ථිර පත්වීම්…
රාජ්‍ය ආයතන සදහා තාවකාලික, අනියම් (දෛනික) , ආදේශක, කොන්ත‍්‍රාත් හෝ සහන පදනම මත බදවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 25/2004 හා 25/2004(1) නිකුත් කළ අවස්ථාවේදී එහි සදහන් අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථිරත්වය ලබාගැනීමට නොහැකි වූ සේවකයින්ට හා චක‍්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු සේවා අවශ්‍යතාව මත රාජ්‍ය ආයතනයන්හි ප‍්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවලට තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත‍්‍රාත් හෝ සහන පදනම මත බදවාගෙන සිටින සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදීම සදහා අදාළ චක‍්‍රලේඛ ප‍්‍රතිපාදනය බලාත්මක කිරීම සදහාඅග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)