ආදායම් බදු ගෙවන්නන්ගේ දරුවන් ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට විශේෂ අවස්ථාවක් ලබාදීම සඳහා අවධානය…
රජයට ආදායම් බදු ගෙවන පුද්ගලයන් දිරි ගැන්වීම පිණිස ඔවුන්ගේ දරුවන් ජාතික පාසල්වල පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කරයි.
රටේ ජාතික ආදායම වර්ධනය කිරීම සඳහා රජයට නොමසුරුව ආදායම් බදු ගෙවන්නන්ගෙන් ලැබෙන දායකත්වය ඇගයීම හා දිරි ගැන්වීම, මෙවැනි අවස්ථාවක් ලබාදීමේ ප්‍රධාන අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මෙම දරුවන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නිර්නායක සකස් කිරීමේ දී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගන්නා බව ද අමාත්‍යවරයා කියයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 20 මේ වැඩපිළිවෙල සම්බන්ධ මූලික සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා ප්රමුඛ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)