බ්‍රිතාන්‍යයේ නව අගමැති බොරිස් ජොන්සන්…

බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත් බොරිස් ජොන්සන් බදාදා (ජූලි 24) අගමැති ධුරයේ ද වැඩ භාර ගැනීමට නියමිතය. බොරිස් ජොන්සන් මේ සඳහා පත්වූයේ ඒ සඳහා තරග කළ විදේශ ලේකම් ජෙරමි හන්ට් පරාජය කරමිනි. ජෙරමි හන්ට් සමග පැවති කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරඟයේදී බොරිස් ජොන්සන් ඡන්ද 92,153 ලැබූ අතර හන්ට් ලැබුවේ ඡන්ද 46,656ක් පමණි. ධුරයෙන් ඉවත්වන අගමැතිනි තෙරේසා මේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නව පක්ෂ නායකයාට සුබ පතා තිබේ.
මේ සමග බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත්වන බොරිස් ජොන්සන් එල්ටන් විද්‍යාලයේ සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබේ. ඔහු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා සමාන ප්‍රතිපත්ති සහිත දේශපාලනඥයෙකු ලෙස ප්‍රචලිතය.
උපුටා ගැනීම: BBC පුවත්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)