සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබර්ට් මුගාබේ දිවියෙන් සමුගනියි…

නිදහසින් පසු සිම්බාබ්වේ පාලනය කළ පළමු නායකයා වන රොබර්ට් මුගාබේ දිවියෙන් සමුගෙන තිබේ.
මිය යන විට ඔහු අනූපස් වෙනි වියේ පසු විය.
මුගාබේ මිය ගිය බව ඔහුගේ පවුලේ ඥාතීහු බීබීසී වෙත තහවුරු කළහ. පසුගිය අප්‍රේල් මස සිට ඔහු සිංගප්පූරුවේ පිහිටි රෝහලකින් ප්‍රතිකාර ලබා ගෙන තිබේ.
තිස්හත් වසරක් බලයේ රැඳී සිටි මුගාබේ හමුදා කුමන්ත්‍රණයකින් අනතුරුව බලයෙන් පහ කෙරුණේ 2017 වසරේදීය.
සිම්බාබ්වේ බහුතර කළු ජාතිකයන් සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා පුළුල් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ මුල් පාලන කාලය ඇගයීමට ලක් විය. නමුත් ඔහුගේ පසු කාලය තුළ අයිතීන් අවභාවිත කිරීම් සහ දූෂණ වාර්තා විය.
එක්සත් රාජධානියෙන් නිදහස දිනා ගැනීමෙන් පසු සිම්බාබ්වේ පැවති පළමු මැතිවරණය ජය ගත් මුගාබේ අගමැති පදවියට පත් වූයේ 1980 වසරේදීය.
1987 වසරේදී අගමැති බලතල අහෝසි කළ ඔහු ඒ වෙනුවට ජනාධිපති ධුරය සඳහා පත් විය.
උපුටා ගැනීම: BBC පුවත්
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)