Gmail සේවා බිඳවැටෙයි ආයතන රැසක වැඩවලට බාධා…

සුප්‍රකට විද්යුත් තැපැල් සේවාවක් වන Gmail යෙදවුම ඊයේ (20) පෙරවරුවේ ලොව පුරා පැය කිහිපයකට ඇනහිටීම නිසා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් සිය සේවා සැපයීමට නොහැකිව අපහසුතාවට පත් විය. මේ ගැටලුව නිසා ලොව පුරා මිලියන ගණනක පරිශීලකයන්ගේ සහ සේවා ස්ථානවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව විදෙස් මාධ්‍යය ද වාර්තා කර ඇත. මෙරට රාජ්‍ය සහ පුද්ගලික ආයතන්‍වලද තොරතුරු සහ විද්යුත් ලිපි හුවමාරුව සම්පූර්ණයෙන්ම ඇනහිටීම නිසා ඔවුන් ඒ සඳහා විකල්ප සේවා ලෙස වට්ස් ඇප් (Whats up) සේවය භාවිත කරන්නට පෙලඹී තිබිණි.
ඊමේල් යැවීම, ලිපිගොනු ඇමිණීම සහ දෝෂ පණිවිඩ ලැබීම වැනි ගැටලු කිහිපයක් උද්ගතව ඇත. ගූගල් මීටින්, ගූගල් වොයිස් සහ ගූගල් ඩොක්ස් සහ ජීමේල් සම්බන්ධ අනෙකුත් සේවා සියල්ල ඇනහිට තිබේ.
ගූගල් ආයතනය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව පවසා ඇති අතර, පස්වරු 2. 30 පමණ වන විට නැවත මේ සේවා යාවත්කාලීන කිරීමට කටයුතු කර තිබිණි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)