රජයේ විධායක නිලධාරීන්ට ජපානයේ පශ්චාත් උපාධි හැදෑරීමේ අවස්ථා. ජපන් යෙන් මිලියන 269ක ප්‍රදානයක්…
රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථා ලබා දීම සඳහා 2010 වර්ෂයේ සිට මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත රාජ්‍ය නිලධාරින්ට පහසුකම් සලසා දීම සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 269 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 457 ක) ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත.
ඒ අනුව එකී ප්‍රදානය ලබා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් වන ගිවිසුම් අත්සන් කිරීමටත් අදාළව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
උපුටා ගැනීම: අද දෙරණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)