උපාධිධාරීන් 16,800ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය…

රැකියා විරහිත උපාධිධාරි අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ හා පුහුණු කිරීමේ වැඩසටහනට අදාළව පවතින පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් 16,800ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
ඒ අනුව මෙම පුරප්පාඩු 16,800, ප්‍රථමයෙන් 2012 වර්ෂයේ උපාධිධාරින් ද ඉන් අනතුරුව අනුපිළිවෙළින් 2013 සිට 2016 යන වර්ෂවල උපාධිධාරින් ද වශයෙන් අභ්‍යසලාභීන් ලෙස පුහුණුව සඳහා කඩිනමින් බඳවා ගැනීමට කටයුතු කරන බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු ඇමැතිවරයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇමැති මණ්ඩලය දැනුවත් කර ඇත.
රැකියා විරහිත උපාධිධාරි අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ හා පුහුණු කිරීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ, රජයේ විශ්වවිද්‍යාලයන්හි අභ්‍යන්තර සිසුන් වශයෙන් උපාධිය නිමකර ඇති රැකියා විරහිත උපාධිධාරින් 5,000ක් ද, එහි දෙවන අදියර යටතේ උපාධිධාරින් 15,000ක් ද බඳවා ගෙන පුහුණු කිරීම සඳහා අනුමැතිය ලැබී තිබුණි. සංඛ්‍යාවෙන් පුරප්පාඩු 1,800ක් ද දෙවන අදියරෙහි 15,000ක් ද වශයෙන් තවමත් පුරප්පාඩුව පවතියි.
උපුටා ගැනීම: දිනමිණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)