තරුණ තරුණියන් 10,000 කට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පිළිබඳ විශේෂ පුහුණුවක්…
දිවයිනම ආවරණය වන පරිදි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සම්බන්ධයෙන් නැඹුරුවක් දක්වන තරුණ තරුණියන් 10,000 ක් තෝරාගෙන ඔවුන් සඳහා විශේෂිත පුහුණුවක් ලබාදීමට රජය තීරණය කොටගෙන තිබේ.
මෙසේ පුහුණු කරනු ලබන තරුණ තරුණියන්ගෙන් ව්‍යාපාර ආරම්භ කිරීම ගැන යෝජනා ලබාගෙන, ඒවා ඇගයීමට ලක් කිරීමෙන් පසු සාර්ථක අයදුම්කරුවන් 3000 ක් තෝරාගෙන ඔවුන්ට ලැප්ටොප් පරිගණක,අන්තර් ජාල සබඳතා, අවශ්‍ය අනෙකුත් උපකරණ සහ මුල්‍යමය පහසුකම් ද ලබා දීම සඳහා වන ව්‍යාපෘතියක් ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙනු ඇත.
රටේ තරුණ පරපුර අතර වඩා ප්‍රචලිත හා ආකර්ෂණය දිනාගෙන ඇති තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රය පිලිබඳ තරුණ තරුණියන්ට විශේෂ පුහුණුවක් ලබා දී එයින් ඔවුන්ට ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දීම අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
උපුටා ගැනීම: රජයේ නිල පුවත් වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)