උපාධිධාරීන් 12000කට රැකියා අවස්ථා හිමිවන ලකුණු…
ඉදිරි සතිය තුළදී රැකියා විරහිත උපාධිධාරීන් 12000ක් සඳහා රැකියා ලබාදෙන බවත් මෑත කාලයේ පක්ෂ බේදයකින් තොරව උපාධිධාරීන් හට රැකියා ලබාදීම සඳහා ප්‍රගතිශීලී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් .මරික්කාර් මහතා ප්‍රකාශ කෙළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (23) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මෙසේද පැවසිය.
පසුගිය ආණ්ඩුව සමයේ උපාධිධාරීන් රැකියා ඉල්ලා මහ මඟට බැස අරගල කළ විට ආණ්ඩුවෙන් ලැබුණේ වෙඩි උණ්ඩයයි. වත්මන් ආණ්ඩුව මඟින් වෙඩි උණ්ඩ වෙනුවට රැකියා අවස්ථා ලබා දුන්නා.
අපි මෙම මස 30, 31 සහ අගෝස්තු මස 01 දින දක්වා උපාධිධාරීන් 12000කට රැකියා අවස්ථා ලබාදෙනවා. ඒ මඟින් 2013 වසරේ සිට 2017 වසර දක්වා උපාධිය ලබාගත් අයට මෙමගින් රැකියා අවස්ථා ලැබෙනවා. බාහිර උපාධිධාරීන්ට මේ වනතුරු රැකියා අවස්ථා ලබාදී නෑ. නමුත් අපි මෙවර බාහිර උපාධිධාරීන්ගෙන් යම්කිසි පිරිසකට උපාධි ලබාදීමට බලාපොරොත්තු වෙනවා. අපිට 2018 වර්ෂයේ උපාධිදාරීන් හට රැකියා අවස්ථා ලබාදීමට නොහැකි වුණත් උපාධිදාරීන් 12000කට රැකියා ලබාදීම මෑත කාලයේ ආණ්ඩුවකින් උපාධිධාරීන්ට එකවර රැකියා ලබාදීමට සහ රැකියා පොලිමක උපාධිධාරීයා නතර නොකර ඔවුන්ට පීඩනයක් ඇතිවීමට ඉඩනොදී ගත් ප්‍රගතිශීලි වැඩපිළිවෙළක් කියා කියන්න කැමතියි.
මෙම වැඩසටහන කාටවත් විවේචනය කරන්න බෑ. මොකද රැකියා ලබාදීමේදී ඔවුන්ගේ දේශපාලන මතය අපි බැලුවේ නෑ. අපි බැලුවේ උපාධිය පමණයි. අපේ ආණ්ඩුව විනිවිද ප්‍රජාත්‍රන්තවාදී ප්‍රතිපත්තිය අනුව උපාධිධාරියා කවර පක්ෂයකට, කුලයකට, ජාතියකට අයිතිද නොබලා රැකියා ලබාදෙනවා වගේම බාහිර උපාධිධාරීන් තුළ තිබූ විශාල ප්‍රශ්නයක් වන රජයේ රැකියා ලබා ගැනීමේ ගැටලුවට විසදුමක් මේ හරහා ලබාදෙනවා.
ආණ්ඩුවට පීඩනය එල්ල කරන උපාධිධාරී කණ්ඩායම කලින් ආණ්ඩුවට මෙවැනි පීඩනයක් එල්ල කළා නම් ඔවුන්ට රැකියාවක් වෙනුවට වෙඩි උන්ඩ ප්‍රහාරයක් ලැබෙනවා කියා කියන්න කැමතියි. එයට හේතුව පසුගිය ආණ්ඩුවෙන් වතුර, වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලූ අයට ලැබුණේ වෙඩි උන්ඩයි. ඒ නිසා අපි වෙඩි උන්ඩ වෙනුවට රැකියා අවස්ථා ලබාදෙනවා.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)