මාලිංගගේ අවසන් එක්දින තරගය අද…

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද(26) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම පවසන්නේ ලසිත් මාලිංගට ජයග්‍රාහි සමුගැනීමක් ලබාදීම තම අරමුණ බවයි.
ලෝක කුසලාන එක්දින සංචිතයේ සිටි සුරංග ලක්මාල්, ජීවන් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ සහ මිලින්ද සිරිවර්ධනට බංග්ලාදේශ තරගාවලියේදී සංචිතයේ ස්ථාන හිමිව නොමැති අතර ඒ වෙනුවට දසුන් ශානක,අකිල ධනංජය,ෂෙහාන් ජයසූරිය,වනිඳු හසරංග සහ ලහිරු කුමාර සංචිතයට කැඳවා තිබේ.
ලොව විශිෂ්ට වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග හෙට සිය අවසන් ජාත්‍යන්තර එක්දින තරගයට ක්‍රීඩා කරන අතර ඔහුගේ සමුගැනීමේ තරගය නැරඹිම වෙනුවෙන් ප්‍රෙවේශපත් මිලදී ගැනීමට ක්‍රීඩා ලෝලීන් තුළ පැවතියේ දැඩි උනන්දුවක්.
ඒ නිසාම තරගයට දින දෙකකටත් පෙර ප්‍රවේශ පත් සියල්ල විකිණී අවසන්වීම විශේෂත්වයක්.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)