ගාල්ල-මාතර පාසල් අද සහ හෙට වැසෙයි…
දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් අද(24) සහ හෙට(25) යන දෙදින වසා තැබිමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.
මේ අතර වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික් පහක් සඳහා නායයෑම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැඟිලි පාර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
කළුතර, කැගල්ල, ගාල්ල, රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් දැඩි නායයෑමේ අවදානමකට ලක්ව ඇති බැවින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසයි ජාතික ගොඩනැඟිලි පාර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.
මේ අතර ගංගා කිහිපයක ජල මට්ටම ද මේ වන විට ඉහළ ගොස් තිබේ.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)