Edunews.lk

Top Menu

  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

Main Menu

  • පාසල් පුවත්
  • උසස් අධ්‍යාපන
  • රැකියා පුවත්
  • කාලීන සිදුවීම්
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
  • ක්‍රීඩා
  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

logo

Edunews.lk

  • පාසල් පුවත්
    • පාසල්වලට අද නිවාඩුවක්...

      June 17, 2022
      0
    • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

      June 16, 2022
      0
    • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන...

      June 13, 2022
      0
    • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

      June 12, 2022
      0
    • 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

      June 6, 2022
      0
    • අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිට ම…

      June 2, 2022
      0
    • අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ප්‍රමුඛව හා කඩිනමින් ක්‍රියාත්මකවිය යුතු කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මන්දිරයේ ...

      May 28, 2022
      0
    • නව අධ්‍යාපන ලේකම්තුමන් වැඩ භාර ගනී...

      May 25, 2022
      0
    • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ...

      May 24, 2022
      0
  • උසස් අධ්‍යාපන
    • විශ්වවිද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වෙන්න අපේ සිසුන්ගේ ජීවිතයෙන් අඩුම තරමේ ...

      December 30, 2021
      0
    • විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 50%ක් කැඳවීමට අවසර...

      December 30, 2021
      0
    • 2020 වර්ෂයට සරසවි සිසුන් ලියාපදිංචිය ලබන මසයේ දී...

      November 19, 2021
      0
    • පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ට අලුත් තනතුරක්...

      November 3, 2021
      0
    • 2020 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු අද සවස...

      October 29, 2021
      0
    • විශ්වවිද්‍යාල යළි ඇරැඹීමට උපකුලපතිවරුන්ට අවසර...

      October 27, 2021
      0
    • සිසුන් 200ට අඩු පිරිවෙන්- සීලමාතා අධ්‍යාපන ආයතනත් 21 ඇරඹෙයි...

      October 7, 2021
      0
    • සරසවි සිසුන්ට එන්නත් ලබාදීම ගැන පණිවුඩයක්....

      October 6, 2021
      0
    • විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු ලබන මස මුල

      September 28, 2021
      0
  • රැකියා පුවත්
    • 2016 සිට බඳවා ගැනීම් නොකිරීමෙන් අධ්‍යාපන පරිපාලනයේ පුරප්පාඩු වැඩි වෙලා...

      February 9, 2022
      0
    • රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ජනවාරියේ සිට ස්ථිර සේවයට...

      November 25, 2021
      0
    • ගුරු විදුහල්පතිවරුන්ට ගුරු දිනයේ දි නිල හැඳුනුම්පතක් …

      October 7, 2021
      0
    • විදුලිකාර්මිකයින් 5000කට ජාතික වෘත්තීය සුදුසුකම

      October 6, 2021
      0
    • අලුතින් රැකියාගත කළ උපාධිධාරීන්ට වැටුප් දෙන්න වසරකට කෝටි 1,063ක්...

      September 13, 2021
      0
    • වසර 24කට පසු ගුරු-විදුහල්පති වැටුප් විසමතා ඉවත් වෙයි...

      July 26, 2021
      0
    • ගුරු-හෙද උපාධියට පනත සංශෝධනය වෙයි...

      July 7, 2021
      0
    • ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම- 2021/2022...

      July 7, 2021
      0
    • රාජ්‍ය සේවකයින්ට වැදගත් පණිවුඩයක්...

      April 26, 2021
      0
  • කාලීන සිදුවීම්
    • නව අධ්‍යාපන ලේකම්තුමන් වැඩ භාර ගනී...

      May 25, 2022
      0
    • ජාතික පාසල් පද්ධතියට තවත් පාසල් දහයක්...

      March 8, 2022
      0
    • අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රුසියානු උසස් අධ්‍යාපන නියෝජිත පිරිසක් හමුවෙයි...

      March 3, 2022
      0
    • ජපානයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ජපන් භාෂා උපාධි පාඨමාලාවක්...

      December 28, 2021
      0
    • සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්...

      November 29, 2021
      0
    • කිරි ගවයන් ඇතුළු ගෘහාශ්‍රිත සතුන් පිළිබඳ දත්ත ගබඩාවක්...

      November 29, 2021
      0
    • පෙරපාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය ….

      November 29, 2021
      0
    • අවුරුදු 20ට වැඩි පිරිසටත් බූස්‍ටර් එන්නත...

      November 25, 2021
      0
    • රියදුරු බලපත්‍ර විභාගයත් විභාග දෙපාර්තමේන්තුවෙන්...

      November 19, 2021
      0
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
    • මැලේරියාවෙන් ජීවිත බේරාගැනීමට වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රාතිහාර්යක්...

      October 8, 2021
      0
    • ශ්‍රී ලංකාවේ උරුමය ලොවට ගෙනගිය සෙනරත් පරණවිතාන

      October 6, 2021
      0
    • ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි..

      October 5, 2021
      0
    • 2021 නව වසර උදා වෙයි...

      January 1, 2021
      0
    • පරිසර හිතකාමී සේදුම් දියරයක්...

      December 30, 2020
      0
    • සිරිපා සමය ඇරඹේ-උඳුවප් පෙහොය අදයි

      December 29, 2020
      0
    • වසංගත සිහිගන්වන මුද්දර

      April 8, 2020
      0
    • ඉදිරියේදි ආහාර හිඟයක් ඇති ‌වෙයිද?

      April 4, 2020
      0
    • දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

      March 28, 2020
      0
  • ක්‍රීඩා
    • පාසල් මට්ටමින් ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට වැඩපිළිවෙලක්...

      October 27, 2021
      0
    • ශ්‍රී ලංකා පිල පළමු කඩුල්ල පැන ගනී නැමීබියාවට එරෙහිව කඩුලු 7ක ජයක්

      October 19, 2021
      0
    • බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

      October 18, 2021
      0
    • ඔබ්සර්වර් එස්එල්ටී මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් තරු සොයා යෑම ඇරඹෙයි...

      October 6, 2021
      0
    • පාසල් රග්බි පිටියට තීරකවරුන් - විනිසුරන් සොයන්න ඔන්ලයින් පාඨමාලාවක්...

      September 16, 2021
      0
    • ඉන්දියාවට වඩා ඉහළ දස්කම් දැක්වූ මිල්කා ජිම්නාස්ටික් බලාපොරොත්තු ඉහළ දමයි...

      July 26, 2021
      0
    • ආසියා කාන්තා මී. 800 වේගවත්ම හතර අතර අපේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක්...

      December 31, 2020
      0
    • විරාත් කෝලිට විශේෂ සම්මාන දෙකක්...

      December 29, 2020
      0
    • කාන්තා රිටි පැනීමේ ජාතික වාර්තාව අලුත් කෙරේ...

      December 29, 2020
      0
  • පාසල්වලට අද නිවාඩුවක්…

  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

  • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

  • 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

  • අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිට ම…

විශේෂාංග
Home›News›විශේෂාංග›සඳ මත චීන විප්ලවය 02

සඳ මත චීන විප්ලවය 02

By DK
August 13, 2019
986
1
Share:
 ඡායාරූපය:

 

අප අද මේ දෙවැනි කොටසින් බලමු, සඳ මතුපිටට මෙන්ම වෙනත් ඕනම ග්‍රහලෝකයකට, ග්‍රහ වස්තුවකට මිනිස් වර්ගයාගේ අභ්‍යවකාශ ගවේෂණ වැඩසටහනේ උන්නතිය වෙනුවෙන්, මිනිසා විසින් යවන ලද අභ්‍යවකාශ යානාවල “ගොඩ බස්නයන් ” හෙවත් “Lander Spacecrafts” සහ ” Rovers” හෙවත් “ප්‍රචාලක ගවේෂක යානා” පිළිබඳව තොරතුරු ටිකක්.
පසුගිය ලිපියෙන් මා ඔබට ඉතාම කෙටි හැඳින්වීමක් කරා, මහජන චීන සමූහාණ්ඩුවේ “Chinese Lunar Exploration Program” හෙවත් “චැංගි” ව්‍යාපෘතිය පිළිබඳව…
චීනය විසින් සඳ ගවේෂණය සඳහා යවන ලද චැංගි ගවේෂක යාත්‍රා හතරින් දෙකක, සඳ මතුපිට චලනය වෙමින් එය ගවේෂණය කරන රෝවර් යාත්‍රා තිබුණු අතර ඒවා අතුරින් චීනය විසින් නිපදවන ලද වඩාත් දියුණුම තාක්ෂණය සහිත රෝවරය වූයේ, පසුගිය ජනවාරි 3 වැනිදා සඳ මතුපිටට ගොඩබට “චැංගි 4″ චන්ද්‍ර ගවේෂක මෙහෙයුමේදී රැගෙන ගිය “යුටූ – 2″  රෝවරයයි….

අභ්‍යවකාශ යානයක් යනු කුමක්ද?
( What is a Spacecraft ?)

අභ්‍යවකාශ යානයක් ලෙස හඳුන්වනු ලබන්නේ, පෘථිවි වායුගෝලයේ භාවිත සීමාවන් ( ජීවය විසින් ) ගේ මායිම දක්වා හෝ ඉන් ඔබ්බට මිනිස් වර්ගයාගේ අභ්‍යවකාශ ගවේෂණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, සම්පත් සහ ජීවය, “පාලිත පියාසැරියක” ගෙන යන යානා විශේෂයකටය. (නාසා ආයතනයේ විවරණය)

අභ්‍යවකාශ යානා වර්ග 

අද දින ලිපියෙන් ඔබට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන්නේ මේ තාක්ෂණික පැතිකඩයි. ගවේෂණය සඳහා අප යොදාගනු ලබන යානා මාදිලි සහ ඒවායේ භාවිතාවය.
නාසා ආයතනය සහ යුරෝපා සංගමයේ අභ්‍යවකාශ ආයතනය, මිනිස් වර්ගයා විසින් ගවේෂණ කටයුතු සඳහා යවනු ලබන යානාවන්, පහත පරිදි කොටස්වලට බෙදනු ලබනවා… මෙලෙස කොටස් වර්ගීකරණයේදී යොදාගනු ලබන නිර්ණායක වන්නේ, එම යානාවල හැසිරවීම, ඒවායේ කාර්යභාරය, ඒවා ස්ථානගත කරනු ලබන ආකාරය, ගවේෂණ කටයුතුවලදී එම යානාවල ස්වාධීනත්වය යනාදී කරුණුය. ඒ අනුව මිනිස් වර්ගයාගේ ගවේෂක අභ්‍යවකාශ යානා මෙලෙස වර්ග කළ හැකිය.
ආසන්න පියාසැරි සහිත අභ්‍යවකාශ යානා
Flyby Spacecrafts
කක්ෂගත වන අභ්‍යවකාශ යානා
Orbiter Spacecrafts
වායුගෝලීය අභ්‍යවකාශ යානා
Atmospheric Spacecrafts
ගොඩ බස්න යානා
Lander Spacecrafts
ප්‍රචාලක ගවේෂක යානා
Rover Spacecrafts
විනිවිදක අභ්‍යවකාශ යානා
Penetrator Spacecrafts
නිරීක්ෂක අභ්‍යවකාශ යානා
Observatory Spacecrafts
සන්නිවේදක අභ්‍යවකාශ යානා
Communication Spacecrafts
මෙම අභ්‍යවකාශ යානා වර්ගීකරණයන් අතරින්, ඕනෑම ග්‍රහ වස්තුවක, මතුපිටට ගොඩබැස කරන සමීප නිරීක්ෂණ කටයුතු සහ දත්ත, තොරතුරු මෙන්ම ද්‍රව්‍ය ඒකරාශී කිරීමේ කටයුතු සඳහා රෝවරයද, ග්‍රහ වස්තුවේ පෘෂ්ඨයෙන් අභ්‍යන්තරයට “සංවේදක” හෙවත් “Sensors” යොදා කරනු ලබන නිරීක්ෂණ කටයුතු මෙන්ම, තොරතුරු ඒකරාශී කිරීම සඳහා “පෙනෙට්‍රේටර් ස්පේස්ක්‍රාෆ්ට්ස්” ද, ඒ අභ්‍යවකාශ යානා සමග වෙනත් අවශ්‍ය ආම්පන්න අදාළ ග්‍රහ වස්තුව මතට ගොඩබැස්වීම සඳහා “ලෑන්ඩර් අභ්‍යවකාශ යානාද” යොදා ගනු ලබනවා. චීනය විසින් සඳ මත සිදු කරන ලද ගවේෂණ පිළිබඳව වාරතාකරණයේදී වැදගත් වනුයේ ඉහත කී අභ්‍යවකාශ යානා මාදිලි ත්‍රිත්වයයි.

ඒෂකය, ලෑන්ඩරය සහ නැවතුම් දාරකය
( Probe, Lander and Base)

මෙම අභ්‍යවකාශ යානාවලින් රොකට් ප්‍රචාලක ශක්තිය මඟින් අභ්‍යවකාශ ගත කිරීමෙන් පසුව ඉලක්ක ගත ග්‍රහ වස්තුව හෝ, ස්ථානය වෙතට අභ්‍යවකාශ ගවේෂක උපකරණ රැගෙන යන සමස්ත පද්ධතියට අප “Probe” හෙවත් “ඒෂකය” කියා හඳුන්වනු ලබනවා.
අභ්‍යවකාශයේ ගවේෂණය කරනු ලබන්නේ වෙනත් ග්‍රහ වස්තුවක් නම්, එම ග්‍රහ වස්තුව මත ඉලක්ක ගත ස්ථානයට ගවේෂණ උපකරණ නිරුපද්‍රිතව ගොඩබැස්වීම සිදු කරනු ලබන්නේ ලෑන්ඩර මඟින්. නාසා ආයතනය මෙලෙස ග්‍රහ වස්තුවක් මතට උපකරණ පතනය කරන ක්‍රමවේදයන් දෙකක් මෙතෙක් යොදාගෙන තිබෙන අතර ඉන් එක් ක්‍රමවේදයක් වනුයේ “සංඝට්ටන ක්‍රමවේද භාවිත කරන ඒෂක” (Impact Probe method) වන අතර අනෙක් ක්‍රමවේදය වන්නේ “ලෑන්ඩර” භාවිත කිරීමයි. පළමු ක්‍රමවේදයේදී ගොඩබැසීමේ ක්‍රියාවලිය “උප පද්ධතික පාලනය”ක් මඟින් සිදු නොවන අතර ඒ නිසා ලෑන්ඩරය අධික වේගයකින් යුතුව ග්‍රහ වස්තුව මතට පතනය වී නතර වීමෙන්, එම ලෑන්ඩරයට හානි සිදුවනවා. දෙවන ක්‍රමවේදයේදී වඩා සියුම්ව, සුමටව, කිසිවකට හානියක් සිදු නොවන පරිද්දෙන් අදාළ උපකරණ ගොඩබැස්විය හැකි අතර සියුම් සහ සංවේදී තාක්ෂණික උපකරණ ග්‍රහ වස්තුවක් මතු පිටට ගොඩ බැස්වීමේදී ද, එයින් පසුව ලෑන්ඩරය නැවතුම් දාරකයක් ලෙස ප්‍රයෝජනයට ගෙන, එම සැකිල්ල මත සවිකර තිබෙන උපකරණ යොදාගෙන වෙනත් ගවේෂණ සහ ඡායාරූපකරණය ආරම්භ කරන්නට අවශ්‍ය නම් ඊට හැකියාව තිබේ.
චීන චන්ද්‍ර ගවේෂණ වැඩපිළිවෙළේදී මෙන්ම, මෑතකදී සිදු කරන ලද “ඉන්සයිට්” නම් අඟහරු ගවේෂණ වැඩපිළිවෙළේදී අදාළ ග්‍රහ වස්තුව මතට ගොඩබැසීම සඳහා යොදාගත් ගොඩබැසුම් තාක්ෂණය වන්නේ, ගොඩබැසීම ඉතාම සීරුමාරුවට හසුරුවන “ලෑන්ඩර” ක්‍රමවේදයන්ය.
මෙසේ යොදාගත් ගොඩබැසුම් ක්‍රමවේදයන්ගේ දක්නට ලැබුණු පොදු ලක්ෂණ වන්නේ
අදාළ ග්‍රහ වස්තුව මත ගොඩබස්වන්නට ප්‍රශස්ත දුරකට අභ්‍යවකාශ ඒෂක කොටස පැමිණි වහාම විවෘත වන සුපර්සොනික් පැරචුට් මඟින් එම ඒෂකයේ පතන වේගය අඩාල කිරීම. (මේ සුපර්සොනික් පැරෂුට් එක කියන්නෙ සුපර්සොනික් ජෙට් යානයක් ධාවන පථයකට ගොඩ බැසීමේදී එහි වේගය අඩු කරන්න, යානය පිටුපසින් විවෘත වන පැරෂුටය. ඔබ මේක දැකල ඇති.)
එය තවදුරටත් ග්‍රහ වස්තුවේ පෘෂ්ඨයට ආසන්න වන විට, ඉතාම සුමට ප්‍රශස්ත ගොඩබැසීමකට සරිලන පරිදි එහි වේගය තවත් අඩු කිරීම සඳහා, එහි අඩංගු රෙට්‍රොග්‍රේඩ් රොකට් හෙවත් “ප්‍රවේග ඛණ්ඩක රොකට්”  සක්‍රිය වී, පථන වේගයට ප්‍රතිවිරුද්ධ දිශාවට බලය සැපයීම.
මේ ක්‍රමවේදයන් මඟින් ඉලක්කගත ග්‍රහ වස්තුවට ඉතාම මෘදු ලෙස සහ නිවැරදිව ඒෂකය පථනය කළ හැකි අතර එහිදී ග්‍රහ පෘෂ්ඨයේ ගැටීමෙන් එහි සංවේදී උපකරණවලට කිසිදු හානියක් සිදුවන්නේ නෑ.

රෝවරය (Rover) 
වත්මනේදී අභ්‍යවකාශ ගවේෂණය පිළිබඳව තොරතුරු පිපාසයකින් පෙළෙන, ඒවා විධිමත්ව සහ අවිධිමත්ව හදාරන ඕනම වයස් සීමාවක, තරාතිරමක අයගේ ජනප්‍රියතම අභ්‍යවකාශ යානා විශේෂය වන්නේ “ප්‍රචාලක අභ්‍යවකාශ යානා” හෙවත් රෝවරයන්ය.
මෙම ව්‍යාපෘතියට පෙර සිටම සඳ මතු පිටත් අඟහරු ග්‍රහයා මතු පිටත් සඳ මතු පිටත් විවිධ ආකාරයේ ගවේෂණ කටයුතු සඳහා මිනිසුන් විසින් පදවන ලද, දුරස්ථ පාලක නියමුවන් සහිත, සහ නියමුවන් රහිතව කෘත්‍රිම බුද්ධිමය පදනමක් සහිත මෘදුකාංග, මිකැට්‍රොනික තාක්ෂණික ක්‍රමවේදයන් ඇති රෝවර යානා කිහිපයක්ම භාවිත කර ඇත ( මිකැට්‍රොනික් යනු ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු ක්‍රමවේදයන් සහ තාක්ෂණය, යාන්ත්‍රික ඉංජිනේරු ක්‍රමවේදයන් සහ යාන්ත්‍රණය සමග “සම පියවර, පෙර පියවර, සහ පසු පියවර ආදී වශයෙන් මුසු කොට සිද්ධාන්තගත කරන ලද ඉංජිනේරු ක්‍රමවේදයන්ය. මේ ඉංජිනේරු තාක්ෂණ ක්‍රමවේදයන් දෙකම දී ඇති උපදෙස් මාලාවක් ඔස්සේ හෝ මෘදුකාංග සඳහා රීති හෙවත් “ඇල්ගොරිතම” මාලාවක් විසින් හඳුන්වා දෙන පරිදි බොහෝ විට එකම යන්ත්‍රයක, එක්ව ක්‍රියා කර, යන්ත්‍රයේ අරමුණු සාර්ථක කර ගනියි.).
මෙතෙක් මිනිස් වර්ගයා රෝවර් යවා ගවේෂණය කර තිබෙන්නේ චන්ද්‍රයාගේ මතුපිට පෘෂ්ඨය සහ අඟහරු මතුපිට පෘෂ්ඨය පමණයි. පහතින් දක්වන්නේ සඳු මතුපිට ගවේෂණ කටයුතු සහ අඟහරු මතුපිට ගවේෂණ කටයුතු සඳහා එතෙක් මෙතෙක් යවන ලද නියමුවන් සහිත සහ රහිත රෝවරවල තොරතුරුයි.

චන්ද්‍ර ගවේෂක රෝවර ( Lunar Rovers)
ලූනොඛොද් 1 – 1970 – 1971 කාලය තුළ දුරස්ථ පාලක ක්‍රමවේදය යොදාගෙන චන්ද්‍රයා මතුපිට ගවේෂණ කටයුතු සඳහා සෝවියට් සංගමය යවන ලද නියමුවන් රහිත රෝවරය
ලූනොඛොද් 2  – 1973 වසරේදී චන්ද්‍ර ගවේෂණය සඳහා සෝවියට් සංගමය යවන ලද නියමුවන් රහිත රෝවරය
ඇපොලෝ 15,16,17 පියාසැරිවලදී චන්ද්‍ර ගවේෂණය සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් සඳ මතුපිටට යවන ලද නියමුවන් “සහිත” රෝවර
චැංගි 3 සහ 4 පියාසැරි සමග චන්ද්‍ර ගවේෂණයට චීනය යවන ලද “යූතු” 1 සහ 2 රෝවර

අඟහරු ගවේෂක රෝවර (Mars Rovers)
“ඔපචුනිටි ”  – ඇමරිකා එක්සත් ජනපදය විසින් 2004 වසරේ සිට මේ දක්වා අඟහරු මතුපිට මෙහෙයවනු ලබන රෝවරය
“කියුරියෝසිටි” – 2012 වසරේ සිට මේ දක්වා ඇමරිකාව විසින් අඟහරු ගවේෂණයට යොදවා තිබෙන රෝවරය
“ස්පිරිට්”  – 2004 -2010 කාල වකවානුව තුළ අඟහරු ගවේෂණයට ඇමරිකාව යෙදූ රෝවරය
“සෝජෝනර්” – 1997 වසරේදී ඇමරිකාව විසින් අඟහරු ගවේෂණයට යොදන ලද රෝවරය

ඉතිරි කොටස ලබන සතියේ

(සෝවියට් සංගමය විසින් ලුනෝකෝද් 1 ව්‍යාපෘතිය යටතේ 1970 යවන ලද නියමුවන් රහිත රෝවර් යානය)

(2004 වර්ෂයේ මාර්තු මාසයේ සිට අඟහරු මත ක්‍රියාත්මක නාසා ආයතනය විසින් යවන ලද ඔපටුනිටිය් රෝවර් යානය)

මතු සම්බන්ධයි…

[දමිත් කේතක-රැස]

Previous Article

Colombo International Book Fair-2019

Next Article

ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා සංවර්ධනය Online ක්‍රමයට ...

0
Shares
  • 0
  • +
  • 0
  • 0
  • 0
  • 0

DK

Related articles More from author

  • කාලීන සිදුවීම්විශේෂාංග

    ජාන තාක්ෂණ ඒකකයක් ඉදිකිරීමට යයි…

    April 2, 2019
    By Publisher ISH
  • කාලීන සිදුවීම්විශේෂාංග

    මෙරට පළමු චන්ද්‍රිකාව: රාවණා – 1 කක්ෂගත කිරීම අද…

    June 17, 2019
    By Publisher ISH
  • විශේෂාංග

    පරිසර හිතකාමී සේදුම් දියරයක්…

    December 30, 2020
    By Madu
  • විශේෂාංග

    ලෝකයේ වැඩිය මුදලක් උපයන ක්‍රීඩිකාවන් ලැයිස්තුව…

    August 9, 2019
    By Mokshi MT
  • කාලීන සිදුවීම්විශේෂාංග

    මුද්දර දැක්ම අගෝස්තු 2 දා ඇරඹේ…

    July 31, 2019
    By Mokshi MT
  • කාලීන සිදුවීම්විශේෂාංග

    සත්ත්ව විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ ‘ඩාවින් පවුල’…

    July 1, 2019
    By Publisher ISH

1 comment

  1. Niketh Liyanage 14 August, 2019 at 10:18 Reply

    Very Good News for the us. Thank you

Leave a reply Cancel reply

You may interested

  • කාලීන සිදුවීම්

    ශ්‍රි ලංකාවට ආවේනික දුර්ලභ තවත් ශාකයක් සොයා ගැනේ…

  • රැකියා පුවත්

    විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී 21කට පත්වීම් ලිපි ප්‍රදානය කරයි…

  • කාලීන සිදුවීම්

    රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් ඇතුලු නිෂ්පාදන අඩු මිලට…

Sponsored

  • Sponsoredඋසස් අධ්‍යාපනපාසල් පුවත්

    හරියට කළොත් ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථකයි…

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපන විද්‍යා අංශයේ මහාචාර්ය සකුන්තලා යටිගම්මන ඒකනායක අවබෝධය තමා වැදගත්ම දේ වඳුරාට දැළි පිහිය අහු වුණා වගේ වෙන්න එපා හැම දේම ගැන වපර ඇසින් නොබලන්න කොවිඩ් ...
  • SponsoredVideosවිශේෂාංග

    දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

    අද වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ Covid-19 හෙවත් නව කොරෝනා වෛරසය පිලිබදවයි. ඒ එම වෛරසය ලොව පුරා රටවල් ආක්‍රමණය කරන පසුබිමකයි. නමුත් මෙය ලෝකයටම තර්ජනයක් වූ එකම වසංගතය නොවන ...
  • Sponsoredවිශේෂාංග

    සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

    සුබ නව වසරකට සිදු කෙරුණු සුබ පැතුම් , සැමරුම්, ආශිර්වාද, පිරිත් පිංකම් සහ කැවුම්, කිරිබත් මධ්‍යයේ ව්‍යවහාරික ක්‍රමයට 2019 වසර ගෙවී ගොස් නව වසරක්, නව දශකයක් උදා විය. ලෝකයේ නව ...
  • Sponsoredවිශේෂාංග

    ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

    විද්‍යා­ත්ම­කව Bacopamonnieri නමින් හඳු­න්වන ලුණු­විල, වගුරු බිම්වල සහ මිරි­දිය ජලාශ, ජල ප්‍රවාහ ආශ්‍රි­තව බිම දිගේ වැතිර වැවෙන මාංශ­ල­මය කඳක් සහ පත්‍ර සහිත පැළෑ­ටි­යකි. එය දකුණු – නැඟෙ­න­හිර ආසි­යා­තික රට­ව­ල්ව­ලට සහ ...
  • Recent

  • Popular

  • Comments

  • පාසල්වලට අද නිවාඩුවක්…

    By Publisher WH
    June 17, 2022
  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

    By Publisher WH
    June 16, 2022
  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

    By Publisher WH
    June 13, 2022
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    By Publisher WH
    August 30, 2019
  • Sachintha Kaumadi
    on
    June 28, 2021

    ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…

    Certificates of the courses ...
  • K.H.A.Shehani Divyanjalee
    on
    June 4, 2021

    පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    2020 A/L සදහා කලා ...
  • rxi college
    on
    April 20, 2021

    සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ

    2021 උසස් පෙළ නේවාසික ...

Find us on Facebook

Timeline

  • June 17, 2022

    පාසල්වලට අද නිවාඩුවක්…

  • June 16, 2022

    කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

  • June 13, 2022

    දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

  • June 12, 2022

    2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

  • June 6, 2022

    2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

Follow Us on Instagram

Edu News is a sub-service of Mytutor.lk; Updating you with numerous & latest educational news in Sri Lanka.

Though this news portal you’re enriching with news related to Schools, Higher Education, Career and some other news related to Events.

Contact us

  • Mytutor.lk (Private) Limited
    No. 386 B/2, Kandy Road, Kurunegala, Sri Lanka.
  • +94 37 45 02507
  • info@edunews.lk
  • Recent

  • Popular

  • Comments

  • පාසල්වලට අද නිවාඩුවක්…

    By Publisher WH
    June 17, 2022
  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

    By Publisher WH
    June 16, 2022
  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

    By Publisher WH
    June 13, 2022
  • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

    By Publisher WH
    June 12, 2022
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    By Publisher WH
    August 30, 2019
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • Sachintha Kaumadi
    on
    June 28, 2021

    ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…

    Certificates of the courses ...
  • K.H.A.Shehani Divyanjalee
    on
    June 4, 2021

    පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    2020 A/L සදහා කලා ...
  • rxi college
    on
    April 20, 2021

    සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ

    2021 උසස් පෙළ නේවාසික ...
  • Saumaya sandamali
    on
    February 17, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    A/l ayata kawadda job ...

Follow us

  • Home
  • About Us
  • Contact Us
© Copyright 2011 - 2019 All rights reserved - Mytutor.lk (Private) Limited