ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ තවත් පාසල් ගොඩනැගිලි 500ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක්වෙයි…
ඒ හා සමගාමිව කහතුඩුව වෙනිවැල්කොළ විශේෂ අධ්‍යාපනය හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාතික සම්පත් හා තොරතුරු මධ්‍යස්ථානය සිසු අයිතියට…
අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ විප්ලවීය අධ්‍යාපන ක්‍රියාමාර්ග අතර තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ තෙවැනි පියවර යටතේ එකම දිනක නව පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු කටයුතු සූදානම් කර ඇත. මේ සඳහා සිදුකර ඇති මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 10,000කි.
පහසුකම් සපිරි පාසල් පද්ධතියක් දැයේ දරුවන්ට ලබාදෙමින්, ග්‍රාමීය පාසල් අංග සම්පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීම වෙනුවෙන් 2016 වසරේ සිට ආරම්භ කර ඇති ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන යටතේ දිවයිනේ පාසල් 9064ක ව්‍යාපෘති 18000ක් යටතේ සංවර්ධන කටයුතු සිදුකෙරෙයි. මෙහි සමස්ත මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 65000කි.
දිවයින පුරා අංග සම්පූර්ණ, නවීන පහසුකම් සපිරි පාසල් ගොඩනැගිලි 500ක් එකම දිනක සිසු අයිතියට පත්කිරීමේ මෙම ජාතික වැඩසටහන හා ඊට සමගාමී ව ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ආධාර යටතේ කහතුඩුව, වෙනිවැල්කොළ අභිනවයෙන් ආරම්භ කෙරෙන ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය සිසු අයිතියට පත්කිරීම සැප්තැම්බර් 9 වැනි දින ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ‘ශිෂ්‍යෝදා’ විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය මෙරට අධ්‍යාපන පද්ධතියට දායාද කරනු ලබන්නේ සෑම දරුවකුට ම අධ්‍යාපනයේ සමාන අවස්ථා ලබාදීමේ දයාර්ද්‍ර හැඟීම පෙරදැරිව ය.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)