සීමාවාසික වෛද්‍ය පත්වීම් 1300ක්…
දේශීය රාජ්‍ය විශ්වවිද්‍යාල සියල්ල ආවරණය වන පරිදි 2019 වසරේ දී ප්‍රධාන ධාරාවේ සමත් වෛද්‍ය සිසුන් ඛාණ්ඩයට සීමාවාසික වෛද්‍ය පත්වීම් එක්දහස් තුන්සීයකට අධික ප්‍රමාණයක් ලබා දීමට යයි.
මේ සඳහා අයදුම්පත් කැදවීම හෙට (16) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියොජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් තාවකාලික ලියාපදිංචිය ලබා දීමෙන් පසු මෙම අයදුම්පත් කැඳවීම සිදු කරන අතර මෙම සීමාවාසික පත්විම් කැඳවිම හා ලියාපදිංචි කිරිමේ කටයුතු ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් සිදු කෙරේ.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් රජයේ වෛද්‍ය විද්‍යාල වල අවසන් වසර විභාගයන් සියල්ල නිමවිමෙන් පසු නිල ප්‍රතිථල ලේඛණ සෞඛ්‍ය අමාත්‍යංශය ෙවත ලැබි දින කිපයක් ගත වි ඇති බවත් සමස්ථ වෛද්‍ය පීඨයන්ගේම ප්‍රතිථල ලේඛණ ලැබෙන තුරු පත්විම් ලබාදිමේ ක්‍රියාපටිපාටියක් සිදු නො කරන බව ද පනාපිටිය මහතා පැවසිය.
කිසි විටකත් එක් කණ්ඩායමකට පමණක් පත්විම් ලබාදිම හෝ ලේඛණ සැකසුම සිදු නොවන බවත් වෛද්‍ය ශිෂ්‍යන් බඳවා ගැනිමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද නිකුත් කරනු ලැබුවේ පසු ගිය සතියේ බව නියොජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැවැසිය.
මෙම සීමාවාසික වෛද්‍ය පත්විම් ලබන්නන් මුලික රෝහල් ඇතුළුව සියලුම ප්‍රධාන රෝහල් වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති අතර අයදුම්පත් කැඳවා ලියාපදිංචි කටයුතු ද සිදු කර සති දෙකක පමණ කාලයක් තුළ දි මෙම නව පත්විම් ලබාදිමට ද කටයුතු යොදා ඇත.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)