NIE වෙතින් අධ්‍යාපන වෘත්තිකයන්ට ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යාපනවේදී ගෞරව උපාධියක්…
අධ්‍යාපනය ක්ෂේත්‍රයේ නිරත අධ්‍යාපන පරිපාලන නිලධාරීන් විදුහල්පතිවරුන් පරිවේණාධිපති වරුන්, පරිවේණාචාර්යවරුන් සහ ගුරුවරුන් වෙත ජාතික අධ්‍යාපන ආයතනය විසින් අන්තර්ජාතික වෘත්තීය පිළිගැනීමක් සහිත උපාධිධාරීන් බවට පත්වීමට අවස්ථාව සලසමින් අධ්‍යාපනවේදී ගෞරව උපාධි පාඨමාලාවක් හඳුන්වා දී ඇත .
දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 45ක මෙම පාඨමාලාව ක්‍රියාත්මක වන අතර සිංහල, දෙමළ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම පාඨමාලාව ක්‍රියාත්මක කෙරේ .
පාඨමාලා සම්භාර (Credits) 120 කින් සමන්විත මෙම අධ්‍යාපනවේදී ගෞරව උපාධිය විෂයධාරා දාහතරක් ඔස්සේ සිව් අවුරුදු පාඨමාලාවක් ලෙස ක්‍රියාවට නැංවෙන අතර දැනට පාඨමාලාව හදාරනු ලබන මේ වර්ෂය අවසානයේ අධ්‍යාපන පද්ධතිය වෙත මුදා හැරෙන සිසුන් සංඛ්‍යාව 4000 කට ආසන්න ය .
ඉදිරි වර්ෂය සඳහා මෙම පාඨමාලාවට සිසුන් පන්දහසක් බඳවා ගැනීමට ද අපේක්ෂිත අතර ජාතික අධ්‍යාපන පද්ධතියට වඩාත් ඵලදායි මෙහෙවරක් සැලසීම පිණිස අවශ්‍ය වෘත්තිය කුසලතා සාක්ෂාත් කර කරගැනීම හා එමගින් පද්ධතිය සවි බල ගැන්වීම පිණිස මෙම උපාධි පාඨමාලාව සමඟ සමග එක්වන ලෙස ජාතික අධ්‍යාපන ආයතනය සියලු විද්‍යාර්ථීන්ගෙන් ඉල්ලා සිටියි .
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)