NVQ සහතික 385,603 දෙනෙකුට…

2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් 385,603 දෙනෙකු සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික නිකුත් කර තිබේ. කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET), ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) ජාතික තරුණසේවා සභාව (NYSC) මෙන්ම පුද්ගලික අංශය මගින්ද මෙම සහතික නිකුත් කර ඇත.
එහිදී නිපුණතා පාදක ඇගයීම (CBT), පෙර දැනුම ඇගයීම (RPL), ආයතන පාදක ඇගයීම (EBT) යන අංශ හා ක්ෂේත්‍ර යටතේ එම සහතික ලබාදීමට කටයුතු කර තිබේ. ඒ අනුව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) ආයතනය මගින් නිපුනතා පාදක ඇගයීම් (CBT) සහතික 41802ක් , පෙර දැනුම ඇගයීම්(RPL) සහතික 119ක් ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) මගින් ඇගයීම් සහතික (CBT) 22037ක් , පෙර දැනුම ඇගයීම(RPL) සහතික 50530ක් , ආයතන පාදක ඇගයීම්(EBT) සහතික 8731ක්ද පිරිනමා ඇත.(ada.lk)
උපුටා ගැනීම: විජය පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)