O/L විභාගයේ දෙවන අදියරේ ඇගයීම් 18වැනිදා සිට
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු ලබන 18වැනිදා සිට 26වැනිදා දක්වා පැවැත්වෙන් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. ඒ සදහා ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 27ක් තෝරාගෙන ඇතැයි ඔහු පැවසීය.
ඇගයීම් කාලය තුල මාතර මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය හා කුරුණෑගල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර යන විද්‍යාල සම්පූර්ණයෙන්ම වසා දැමීමට නියමිතය. එසේම තවත් පාලස් 24ක් අර්ධ වශයෙන් වසා දැමේ.
එම පාසල්වල විදුහල්පතිවරු මගින් දැනටමත් අදාළ සිසුන් දැනුවත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.
මේ අතර 2020 අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්‍ෂකයන් වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකය. හැඳුනුම්පත් ලබා ගැනීමට බලාපොරොත්තුවන සිසුන් නිසු පරිදි සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් ලබන මාර්තු මස 31වැනි දිනට ප්‍රථම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ පළාත් කාර්යාල වෙත ඉදිරිපත් කරන ලෙස එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)