පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
2019.08.30 ගැසට් පත්‍ර යට අනුව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය ආමාත්‍යාංශය අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් 850ක් බඳවා ගැනීමට සුදුසුකම් ලබා ඇති ශ්‍රි ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලබන අතර මේ සඳහා අයඳුම් කල හැක්කේ මෙම අමාත්‍යාංයේ නිල වෙබ් අඩවිය හරහා පමණී. (www.health.gov.lk).
පුහුණු කාලසීමාව ක්ෂේත්‍ර පුහුණුව මාස 06ක් ඇතුලුව වසර 01 ½ක කාලයක් වේ. අයදුම් කල හැක්කේ ස්ත්‍රී පාර්ශවයට පමණක් වන අතර සියලු අයදුම්කාරිනියන් අවිවාහක අවු 18ත් 30ත් අතර අය විය යුතුය.
අදාළ සුදුසුකම් සපුරන 2015, 2016 සහ 2017 යන වර්ෂවල අ.පො.ස. උ.පෙළ විභාගයෙන් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, කෘෂි විද්‍යාව සහ රසායන විද්‍යාව යන විෂයයන් අතරින් විෂයයන් තුනක් 3ක් එක්වරකදී සමත් වූවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුරට බඳවා ගැනීමේ පරිපාටියේ හා ඊට වරින්වර සිදුකරන ලද සංශෝධන ප්‍රකාරව සුදුසුකම් සපුරන අයදුම්කාරියන්ගෙන් බඳවා ගැනීම සිදු කරනු ලබන අතර, අයදුම්කාරියන්ගේ අ.පො.ස. උ.පෙළ Z අගය පදනම් කරගෙන පුහුණු පාඨමාලාවට බඳවා ගැනීම සිදු කරනු ලබන අතර දිවයිනෙන් බඳවා ගැනීමට නියමිත මුළු සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්ක ජනගහනය පදනම් කරගෙන ජන සංඛ්‍යාවට සමානුපාතිකව බෙදා එක් එක් දිස්ත්‍රික්කයෙන් බඳවා ගත යුතු සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.
2019.09.27 දිනට පෙර අයදුම් කල යුතු වේ.
Your article about පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ… –
Edunews.lk is the best I have read!
I found a way to make money from home that will interest you, I leave the link here: https://bit.ly/Teaching-Online
The edunews.lk site is interesting and useful, keep it that
way! Kisses everyone! 🙂
2020 A/L සදහා කලා විෂය ධාරාවෙන් පෙනි සිටි අතර සිංහල විෂය සදහා C සාමාර්ථයක් ද, නර්තනය විෂය සදහා C සාමාර්ථයක් ද, දේශපාලනය විෂය සදහා S සාමාර්ථයක් වශයෙන් ප්‍රතිඵල ඇති මා හට පවුල් සෞඛ්‍ය නිළධාරිනි රැකියාව සදහා ඉල්ලුම් කළ හැකිද?