රුසියානු සංචාරකයන් 25000ක් ගෙන්වා ගැනීමට සැලසුම්…
රුසියානු සංචාරකයන් 25,000 ක් මේ මස සිට , 2020 අප්‍රියෙල් මාසය දක්වා වූ හය මසක කාලයක් තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ විශේෂ ව්‍යාපෘතියක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මුල් කර ගනිමින් ආරම්භ වී තිබේ.
ඒ අනුව ප්‍රථම සංචාරක කණ්ඩායම වූ රුසියානු ජාතිකයන් 328 දෙනෙකු රැගත් , රුසියානු ගුවන් සේවයට අයත් අසූර් එයා ගුවන් සේවයේ ඉසෙඩ්.එස්.- 7749 දරන ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට 10/26 දින දහවල් 11.05 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
පැමිණි සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාවේ දින 10 ක් ගත කරන අතර , ඔවුන් බෙන්තොට , ඇල්ල , සීගිරිය , නුවර , නුවරඑළිය , අනුරාධපුරය ආදී ශ්‍රී ලංකාවේ ඓතිහාසික සහ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන නැරඹීමට නියමිතය.
සංචාරකයන් රැගත් ගුවන් යානා රුසියාවේ මොස්කව් , ඊකැතරින්බර්ග් සහ සාන්ත පීටරස්බර්ග් යන නගර වල සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.
අද (30දා) අලුයම 2.10 ටද එවැනි ගුවන් යානයක් ඊකැතරින්බර්ග් නුවර සිට සංචාරකයන් 325 ක් රැගෙන පැමිණි අතර , එවැනිම තවත් ගුවන් යානයක් හෙට අලුයම සාන්ත පීටර්ස්බර්ග නුවර සිට ද පැමිණීමට නියමිතය
උපුටා ගැනීම : අද පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)