හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීමට යෝජනාවක්…
හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කරන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටියි.
රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමයේ නිලධාරීන් රාජකාරී සිදු කිරීමේ දී මුහුණ දී ඇති ගැටලුවලට විසදුම් ලබාගැනීමේ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.
හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීම සදහා පළාත් සභා වල ද අනුමැතිය ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පළාත් සභා විසුරුවා හැර ඇති බැවින් පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සමග සාකච්ඡා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් ලබාදුන්නේය.
හෙඳ හෙදියන්ගේ නිල ඇදුම් දීමනාව රුපියල් 15000 සිට රුපියල් 18000 දක්වා වැඩි කිරීමටත්, භාණ්ඩ බාර ගැනීමේ දීමනාව රුපියල් 500 සිට 1000 දක්වා වැඩි කිරීමටත් මෙහිදී තීරණය විය.
මෙම අවස්ථාවට හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්, අධ්යක්ෂවරුන් ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.
උපුටා ගැනීම: රජයේ නිල පුවත් වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)