උපාධිධාරීන් 20,000ක් රජයේ සේවයට…
ඉදිරි දෙමස තුළ උපාධිධාරීන් 20, 000 ක් රජයේ සේවයට බඳවා ගනු ලබන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රැකියා ඉලක්ක කර උපාධිධාරීන් බිහි නොවීම හේතුවෙන් වර්තමානයේ ඇති වී ඇති ගැටලු නව අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් විසඳෙන බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේ පසුගිය දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති 2019 උසස් අධ්‍යාපනයේ තත්ත්ව සහතික කිරීම පිළිබඳ ආසියා පැසිෆික් ජාලයේ වාර්ෂික සම්මන්ත්‍රණය හමුවේ අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැතිවරයා,
“මෙම සම්මන්ත්‍රණය කොළඹ දී පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ස්තූතිවන්ත විය යුතුයි. ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපන ක්ෂේත්රය ඇතුළු සියලු ක්ෂේත්රයන් හි තත්ත්ව සහතිතය පිළිබඳව අප දැඩි අවධානය යොමු කර තිබෙනවා. ඇමැති රවුෆ් හකීම් මහතා ඒ පිළිබඳ බොහෝ කැපවීමෙන් කටයුතු කරනවා.
මෙය අපගේ විශ්වවිද්‍යාල ක්‍රියාදාමය තුළ එක් කොටසක් ලෙස සලකනවා. එසේම මෙය කලාපයේම විශ්වවිද්‍යාලවල කොටසක්. ඉන්දියාවේ වසරකට සිසුන් මිලියනයක් පමණ විශ්වවිද්‍යාලවලින් පිට වෙනවා. චීනයේත් එහෙමයි. ඔබ කොහොමද අධ්‍යාපනය ලබා දෙන්නේ හෝ ඔබ උගන්වන්නේ කොහොමද කියා නියාමනයක් මෙහි සිදු වන්නේ නැහැ. ද්වීතිය අධ්‍යාපනය සඳහා අප විශ්වීය ප්‍රවේශයක් ලබා තිබෙනවා. එහෙත් දැන් අප සිතිය යුතුයි මෙතැන් සිට අප යන්නේ කොතැනට ද කියා.
මෙහිදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ උගන්වන ආකාරය පිළිබඳ ඉතා වැදගත් වාර්තාමය වැඩසටහනක් දකින්න ලැබුණා. ඇත්තටම අප රට වසර 2000 කට පෙර ඉගෙනීමේ මධ්‍යස්ථානයක්ව වුණා. අනතුරුව ඉංග්‍රීසි ක්‍රමයට බටහිර අධ්‍යාපනය ආරම්භ කිරීමේ දී ද විශිෂ්ට යුගයක් පැවැති බව කිව යුතුයි. උසස් අධ්‍යාපන වරම් ලබා ගැනීමේ විශාල සටනකින් පසු කොළඹ විශ්වවිද්‍යාලය, අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ස්ථාපිත කරනු ලැබුවා. මගේ සීයා සංවිධානය කළ සාකච්ඡාවක ප්‍රධානියා ලෙස එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ගේ පියා සොලමන් ඩයස් බණ්ඩාරණායක එවකට පේරාදෙණිය පිළිබඳ ඉල්ලීම් කළ අතර අවසානයේ සර් ජෝන් කොතලාවල විසින් තීරණය ගනු ලැබුවා. එතැන් සිට මේ දක්වා අප දිගු ගමනක් පැමිණ සිටිනවා.
මේ වන විට අපගේ දක්ෂ සිසුන්, පර්යේෂකයන් විශාල සංඛ්‍යාවක් ඉන්දියාව ඇතුළු ලෝකයේ වෙනත් ස්ථානවලට ගොස් සිටිනවා. අප අනුවර්තනය වන්නේ කෙසේද? අප අවධානය යොමු කළ යුත්තේ කෙසේද? අප ජාත්‍යන්තර මට්ටමේ තත්ත්ව ආරක්ෂණය සපයන්නේ කෙසේ ද?
අපගේ බොහෝ රටවල උපාධිධාරීන් බිහිවන්නේ රැකියා ඉලක්ක කර නොවේ. ඉදිරි දෙමස තුළ මම උපාධිධාරීන් 20, 000 ක් රජයේ සේවයට බඳවා ගනු ලබනවා. අප කරන්න යන දේ පිළිබඳව අපට වැටහීමක් තිබිය යුතුයි. විශ්වවිද්‍යාල තුළ පමණක් නොවේ. පාසල් අධ්‍යාපනය තුළ පවා මෙම අවබෝධය තිබිය යුතුයි. ඒ නිසයි අප පාසල් අධ්‍යාපනයේ වෙනසක් පිළිබඳව කටයුතු කරන්නේ. වසර 13කට පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන්නේ. වෘත්තිය අධ්‍යාපනය ලබා දෙන්නේ. මෙන්න මේ ඉලක්ක මතයි. අප එතැන් සිට යන්නේ කොහොමද? අද අප මුහුණ දෙන ගැටලු විසඳන්නේ කොහොමද? ඇත්තටම මෙහි පවතින ක්‍රමවේද ඊට ගැළපෙනවාද?
මාලදිවයින, භූතානය වැනි අවට රටවල සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල 4.5% ස්ථාන දීමට නොහැකි නම් අප විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉදිරියට යන්නේ කොහොමද? අපට හැකියාව තිබෙනවා. ඒ 4.5 කියන එක අප ලෝකයේ ගොඩනැඟෙන අවස්ථාව විය හැකියි. මොරටුව විශ්වවිද්‍යාලය විසින් මාලදිවයිනේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා. එය කදිම උදාහරණයක්. ඒ වගේම සිසුන් තෝරා ගත යුත්තේ කවුද? ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයන් එක් කේන්ද්‍රස්ථානයකට අයදුම් කළ යුතුයි. ඇයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිසුන් තෝරන්නේ? මොකක්ද ඒ බලය? ඒ බලය සිසුන්ට ලබා දිය යුතු නොවේද? අපට මේ වෙනස් කම් කළ හැකි නම් අප බලාපොරොත්තු වන ප්‍රගතිය ළඟා කර ගත හැකියි.
පාසල් පද්ධතිය තුළ විද්‍යා අංශයට තේරෙනවා නම් , වෛද්‍ය විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන සිසුවා යන විශ්වවිද්‍යාලය වෙනත් පුද්ගලයකු විසින් තීරණය කරනු ලබනවා. මේක නිවැරදියි කියලද කියන්නේ. එහෙමනම් අප එැනින් ආරම්භ කරමු. ඒ වගේම රාජ්‍ය නොවන ආයතන සමඟ සම්බන්ධව කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මම ඇමැතිතුමාගෙන් අහන්න කැමතියි අද නේවාසිකාගාර කීයක් තිබෙනවාද කියලා. පසුගිය කාලය තුළ නේවාසිකාගාර 80ක් ස්ථාපිත කර තිබෙනවා. අප විශ්වවිද්‍යාල පද්ධතිය සකස් කළ යුත්තේ අද වෙනුවෙන් ද එහෙමත් නැත්නම් අනාගතය වෙනුවෙන් ද කියන එක හිතන්න අවශ්‍යයි.
සිව් වැනි කාර්මික විප්ලවය තුළ ආපසු හැරීමක් නැහැ. එක්වර සිදු විය යුතුයි. විශ්වවිද්‍යාල පද්ධතිය සාර්ථක නම් විවිධ කර්මාන්ත හා ව්‍යාපාර සඳහා අවකාශ හිමි වන අතර විශේෂයෙන් ඒ සඳහා පර්යේෂණ සිදු කර ගෙන යාමට හැකියාව ලැබෙනවා.
මෙන්ම මේ කරුණු නිසයි විශ්වවිද්‍යාල පද්ධතියට සම්මත හා තත්ත්ව සහතිකයක් අවශ්‍ය වන්නේ. එසේ නොමැතිව අනාගතයට අවශ්‍ය ඉහළ තත්ත්වයේ වෘත්තීයවේදීන් බිහි කළ නොහැකියි“ යනුවෙන් පැවසීය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය, නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැති රවුෆ් හකීම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහාන් ද සිල්වා සහ දෙස් විදෙස් විශ්වවිද්‍යාලවල ප්‍රධානීහු හා නියෝජිතයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)