තරුණ විද්‍යාඥයින්ගේ සමුළුවේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් සහ විශේෂ සම්මාන දෙකක්…

019 වර්ෂයේ අප්‍රේල් මස 19 දින සිට 25 දින දක්වා මැලේසියාවේ ක්වාලලම්පූර් හි පවත්වන ලද 26 වැනි අන්තර්ජාතික තරුණ විද්‍යාඥයින්ගේ සමුඵව, පර්යේෂණ පදනම් වූ ද්විතීයික පාසල් සිසු සිසුවියන් සඳහා වූ අන්තර්ජාතික තරඟයකි. මේ සඳහා සහභාගි වූ රටවල් 32 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලු ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පර්යේෂණ පත්‍රිකා 250 ක් ඉදිරිපත් කරමින් සිය දක්ෂතා ඉදිරිපත් කළහ.
මෙම රටවල් වලට අයත් රුසියාව, නෙදර්ලන්තය, ජර්මනිය, ඉන්දුනීසියාව, බ්‍රසීලය, ප්‍රංශය සහ ඉන්දියාව ද නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි වූ අතර ශ්‍රී ලංකා සිසු සිසුවියන් තෙවන වරට මෙම තරඟය සඳහා ඉදිරිපත් විය. ඒ අතරින් පහත සඳහන් පරිදි සිය පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළ සිසු සිසුවියන් ලෝකඩ පදක්කම් 01 ක් සහ ජුරියේ විශේෂ සම්මාන දෙකක් හිමි කර ගැනීමට සමත් විය.
පර්යේෂණ පත්‍රිකා (Research Presentation) වෙනුවෙන් ලද ජයග්රහණයන්
01. ඩබ්. කළණ විජේවර්ධන හා ඩබ්. හසිනි විජේවර්ධන – අනුරාධපුර ම.ම.වි. – ලෝකඩ පදක්කම
The Allelopatic effect of Stage Plants of typical tree Species in dry Zone, Sri Lanka
02. ටී.එච්. ශෂිකලා මධුවන්ති, මඩකුඹුර ම.ම.වි. – කරන්දෙනිය – ජූරියේ විශේෂ සම්මාන
Soap Production using Goda in Cinnamon Production
03. එස්. සුපුන්ජි වීරකෝන්, මහනුවර උසස් බාලිකා විද්‍යාලය – ජූරියේ විශේෂ සම්මාන
Investigation on anti – microbial properties of Mikania Micrantha
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)