විශ්වවිද්‍යාල-උසස් අධ්‍යාපන ආයතනවලට නව ආරක්ෂක ක්‍රියාවලියක්…
විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන නැවත විවෘත කිරීමට පෙර අනුගමනය කළ යුතු ආරක්ෂක පිළිවෙල කිහිපයක් පිළිබද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
විශ්ව විද්‍යාලවට පැමිණෙන සිසුන්ගේ ශිෂ්‍ය හැදුනුම්පත සහතික කිරීම, විශ්ව විද්‍යාල පරිශ්‍රයට පැමිණෙන අවස්ථාවේ අදාළ පරීක්ෂා කිරීම් සඳහා ආරක්ෂක කාර්යය මණ්ඩලයට සහයෝගය ලබාදීමට සිසුන් පියවර ගත යුතු බව එම කොමිසම පවසා සිටියි.
එමෙන්ම යතුරුපැදි, පාපාදි, ත්‍රිරෝද රථ ඇතුළු සියලුම වර්ගයේ වාහන විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුලු වීමට පෙර පුර්ණ පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගත යුතු බව සඳහන්ය.
මුහුණු ආවරණ සහිතව විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුළු වීමට හෝ එහි රැදී සිටීමට කිසිදු පුද්ගලයෙකකුට හෝ ශිෂ්‍යයෙකුට අවසර නොමැති බව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසා සිටියි.
දේශන ශාළා විභාග ශාලා සහ පුස්තකාල තුළට ගමන්මළු රැගෙන යාම සම්පුර්ණයෙන් තහනම් කර ඇති බව එම කොමිෂන් සභාව පෙන්වා දෙනු ලබයි.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)