කතෝලික පාසල් යළි දැනුම්දෙන තෙක් වැසේ…
ලබන ඉරුදින කතෝලික දේවස්ථානවල දේව මෙහෙය පැවැත්වීමෙන් වලකින ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කර තිබේ.
ලැබී ඇති ආරක්ෂක උපදෙස් අනුව මෙම ඉරිදා දේව මෙහෙයන්ද අවලංගු කිරීමට තීරණය කල බව කොළඹ අගරදගුරු නිල නිවස දැනුම් දෙයි.
රටේ පවතින ආරක්ෂක වාතාවරණය හමුවේ පසුගිය සතියේද ඉරිදා දේව මෙහෙයන් පැවැත්වූණේ නැත.
ඒ වෙනුවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවැත්වූ ඉරිදා දේව මෙහෙය සජීවීව සියලු රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කරනු ලැබීය.
මේ අතර සියලුම කතෝලික පෞද්ගලික පාසල් දෙවන වාරය සඳහා යළි දැනුම්දෙන තෙක් විවෘත නොකරන්නැයි ද අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුම් දී ඇත.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)