පීඩාවට පත් දරුවන් සඳහා මානසික උපදේශන…

පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් කම්පනයට පත් පාසල් දරුවන් මානසිකව නඟා සිටුවීම පිණිස උපදේශන වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාවට නඟන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
එම සිද්ධියට මුහුණදුන් සමහර දරුවන්ට සිය මවුපියන් අහිමි වී සිටින අතර තවත් සමහරකුගේ සහෝදර සහෝදරියන් මෙන්ම සමිප නෑ හිතමිතුරන් පවා වියෝව හෝ ආබාධිත තත්වයට හෝ පත්ව සිටින බැවින් එකී දරුවෝ බලවත් මානසික කම්පනයකට පත්ව සිටින නිසා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ රටවල ස්වේච්ඡා කණ්ඩායම් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක් වි කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)