සබරගමුව සරසවියේ සියලුම පීඨ ලබන 21 දා යළි ඇරඹෙයි…

සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු ලබන 21 වනදා යළි ආරම්භ කරන බව එම විශ්වවිද්‍යලයේ ලේඛකාධිකාරි වී.ඒ කිත්සිරි මහතා පවසයි.
ලබන 20 වනදා වන විට සියලු සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බව ලේඛකාධිකාරිවරයා සඳහන් කළේය.
මේ අතර පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් 20 දා පෙර කිසිදු සිසුවෙක් හෝ සිසුවියක් විශ්වවිද්‍යලයේ තුළට බාර නොගන්නා බව සබරගමුව විශ්වවිද්‍යලයේ ලේඛකාධිකාරි වී.ඒ කිත්සිරි මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව පසුගිය 13දායින් පසු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අදාළ අවසන් තීරණයක් ගැනීමට උපකුලපතිවරුන්ට බලය පවරා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.
විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමේ දින සහ ආරම්භ කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් තීරණ ගැනීම උපකුලපතිවරුන් සතු වන බව එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)