මැයි 20 දා රජයේ නිවාඩු දිනයක් කිරීමට රජය තීරණය කරයි…

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා (18) දින යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය (19) ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි මස 20 වැනි සඳුදා දින රජයේ නිවාඩු දිනයක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තීරණය කළ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සමරමින් ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට ආගමික කටයුතුවල යෙදීමටත් ජාතික වෙසක් උත්සවයට සමගාමීව සියලුම බෞද්ධ විහාරස්ථාන ඇතුළු රටපුරා පැවැත්වෙන වෙසක් උත්සව වඩාත් සාර්ථකව පවත්වාගෙන යාමේ අවස්ථාව ලබාදීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇත.
උපුටා ගැනීම: රජයේ නිල පුවත් වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)