නව ශ්‍රී ලංකා සිතියම කඩිනමින් එළිදැක්වීමට සූදානම්…

කොළඹ නගරයේ ඉදිවූ වරාය නගරය ඇතුළු සියලු වෙනස්කම් ද අන්තර්ගත කරමින් යාවත්කාලීන කළ නව ශ්‍රී ලංකා සිතියම කඩිනමින් එළි දැක්වීමට සූදානම් බව ඉඩම් හ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් නව ශ්‍රී ලංකා සිතියමේ කොළඹ වරාය නගරය සහ මෙරට ඉදි කරන ලද මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ සියලු තොරතුරු ඇතුලත් කර ඇති අතර එම සිතියම සකස් කිරීම සදහා චන්ද්‍රිකා තාක්‍ෂණය, ගුවන් ඡායාරූප ඇතුළු නවීන තාක්‍ෂණික මැනුම් උපකරණ යොදාගෙන ලබාගන්නා ලද තොරතුරු පදනම් කර ගෙන ඇත.
ඇමතිවරයා කියා සිටියේ මේ මෙම එළිදැක්වීමට සූදානම්වන නව සිතියමට රටේ ගම්මාන පිළිබඳව ද කෙටි විස්තරයක් ඇතුලත් කරන බවයි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)