ලෝක දුම්වැටි විරෝධී දිනය අදයි.. දුම් පානය නොකරත් වසරකට මිලියනයක් මිය යයි…

ලෝක දුම්වැටි විරෝධී දිනය අද (31)යි.
“tobacco and lung health.” මෙවර ලෝක දුම්වැටි විරෝධී දිනයේ තේමාව වේ.
බෝ නොවන රෝග වන අධි රුධිර පීඩනය, පෙනහළු පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව, ස්වසන රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපානුයේ දුම්වැටි භාවිතයයි.
අතුරු ආබාධ රැසකටද මෙය හේතු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
දුම්කොළ අඩංගු දුම් වැටි භාවිතය හේතුවෙන් සෑම තත්පර 4කට වරක් පුද්ගලයකු මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
බෝ නොවන රෝග හේතුවෙන් ඇතිවන විවිධ හේතු නිසා වාර්ෂිකව මිලියන 56.9ක් මිය යන අතර ඉන් මිලියන 8ක් දුම්කොළ භාවිතය හේතුවෙන් මිය යන බව වාර්තා වේ.
මිලියනයක් දෙනා වක්‍ර දුම් පානය හේතුවෙන් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 12%ක් පමණ දුම්වැටි සහ මධ්‍යසාර අලෙවියෙන් හිමි වුවත්, ජාතික ආදායමෙන් 22% කටත් වඩා ඒවා භාවිතය නිසා ඇති වන රෝග වැළැක්වීමට වැය කිරීමට සිදුව ඇත.
දුම් කොළ හා මද්‍යසාර නිසා ඇති වන සමාජ තර්ජනය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය මේ වනවිටත් යොමුව තිබේ.
වත්මන් රජය, සෞඛ්‍ය අංශ මේ සඳහා පුළුල් වැඩපිළිවෙලක් දියත් කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් හා මඟපෙන්වීම මත මතින් නිදහස් රටක් ජාතික වැඩසටහන සක්‍රීය ලෙස මෙම කාර්යභාරයට උර දී තිබේ.
දුම්පානය අධෛර්යට පත් කිරීමේ ක්‍රමවේද මේ වනවිටත් අනුගමනය කර තිබේ.එමෙන් ම නව නීති රැසක් ද ක්‍රියාවේ නැංවීමට කටයුතු කර තිබේ.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)