ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සාමාජිකාවෝ 20ක් ඩිප්ලෝමා ලබා ගනිති…

යුද්ධ හමුදාපතිතුමා ලබාදුන් උපදෙස් අනුව, ‘පූර්ව ළමා විය සංවර්ධන සහ පෙර පාසල් ඉගැන්වීම්’ පිළිබඳ සය මාසික පාඨමාලාව හැදෑරූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සාමාජිකාවන් 20 දෙනකුට ඩිප්ලෝමා සහතික පත් ප්‍රදානය කිරීම යුධ හමුදා මුලස්ථානයේදී පැවැත් විණි.
මෙම පුහුණු වැඩමුළුව ජයසේකර කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධව යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂකගේ සම්බන්ධීකරණය සහ අධීක්ෂණය යටතේ ආරම්භ විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එම්. මුදන්නායක මහතා මෙම පාඨමාලාව පැවැත්වීම සඳහා මාර්ගෝපදේශ සැපයූ අතර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජනප්‍රියත්වය හේතුවෙන් සහ ඔවුන්ගේ සේවය දීර්ඝකාලීනව ලබා ගැනීමේ අරමුණින් එම ඒකකය යටතේ මෙම පෙර පාසල් පාලනය වනු ලැබේ.
1 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කාන්තා සෙබළ ජී.ඩබ්ලිව්.සී. මදුෂානි, 7 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කාන්තා සෙබළ ජේ.එල්.එච්.එම්. ජයවර්ධන සහ 7 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කාන්තා සෙබළ ජේ.එම්.ඊ.එන්. ජයසුන්දර මෙම පාඨමාලාවේ දක්ෂතම සාමාජිකාවන් විය.
පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා, පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් පුහුණු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරීන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්ද මෙම උත්සවය සඳහා සහභාගී වුහ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)