පොසොන් උළෙලට පාසල්වල විශේෂ වැඩසටහන්…

පොසොන් උත්සවය වෙනුවෙන් පාසල් කේන්ද්‍රකර ගනිමින් හෙට (12) සිට 16 දා දක්වා විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය කටයුතු යොදා ඇත.
ඒ අනුව පිරිවෙන්, බෞද්ධ සිසුන් බහුතරයක් ඉගෙනුම ලබන පාසල්වල හා සෙසු සියලු අධ්‍යාපන ආයතනවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛයක් මගින් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂවරුන්, පරිවේනාධිපති වහන්සේලා සහ විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව, මහින්දාගමනය අනුස්මරණය කිරීම සඳහා හෙට (12) පාසල් පරිශ්‍රය හා පන්ති කාමර බෞද්ධ කොඩිවලින් සැරසීමත්, 13 දා අසරණයන්ට පිහිටවීම මුල් කරගත් වැඩසටහන් අදාළ පාසල්වල විදුහල්පතිගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමත්, 14දා ශීල වැඩසටහන් ද, 15වැනි දා, මහින්දාගමනය අනුස්මරණය කිරීම සඳහා තම නිවෙස්වල සැරසිලි කිරීමත්, 16වැනි දා මවුපියන්, වැඩිහිටියන් සමඟ සීල සමාදාන වැඩසටහන්වලට සහභාගිවීම හෝ සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට ඇප උපස්ථාන කිරීම හා සෙසු ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදීම ද ක්‍රියාත්මක කරන ලෙස දැනුවත් කොට ඇත.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)